හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් අයථා ලෙස උපයන ලද මුදල්, විශුද්ධිකරණය කිරීමට සහාය ලබා දෙමින් ආධාර අනුබල දීම මත, 2006 අංක 05 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 3 (1) වගන්තිය යටතේ වරදක් සිදු කර ඇති බවට විමර්ශනයක දී අනාවරණය වීම හේතුවෙන්, චමිත්‍රි ජයනිකා රඹුක්වැල්ල යන අය 2026.02.06 වන දින ප.ව.1.15ට පමණ කොළඹ, අලුත් කඩේ ප්‍රදේශයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.








