ලංකා සතොස ලිමිටඩ් ආයතනයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයෙකු (මුදල්) සහ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු දූෂණ චෝදනා මත අත්අඩංගුවට

කොමිෂන් සභාවට ලද තොරතුරක් මත සිදු කරගෙන යනු ලබන විමර්ශනයකට අදාළව , අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහ ලංකා සතොස ලිමිටඩ් ආයතනයේ පවත්නා නීතිරීතිවලට පටහැනිව ලංකා සතොස ලිමිටඩ් ආයතනයට පාඩුවක් වන බවට දැනුම හා චේතනාව ඇතිව පුද්ගලික ව්‍යාපාරිකයෙකුට වාසියක් සැලසීමේ අරමුණින් සුදුළුෑණු කිලෝ ග්‍රෑම් 54860 ක් කිලෝ එකක් රු.135/- ක මුදලක‌ට පුද්ගලික පාර්ශවයකට විකිණීමෙන් රු.17,006,600 /- ක පාඩුවක් ලංකා සතොස ආයතනය වෙත සිදු කිරීම හා ආධාර අනුබල ලබා දීම හා කුමන්ත්‍රණය යන චෝදනා මත ලංකා සතොස ලිමිටඩ් ආයතනයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයෙකු (මුදල්) සහ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු 2026.02.12 වන දින පෙ.ව.9.00 ට සහ පෙ.ව.9.14 ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search