2026 වර්ෂයට අදාළව මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය මඟින් වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීම

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත මඟින් මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියක් ස්ථාපිත කර, වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබා ගැනීම හා සත්‍යායනය කිරීමේ වගකීම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැවරී ඇත.

ඒ අනුව, 2026 වර්ෂයේ මාර්තු 31 දින සිට වත්කම් සහ බැරකම් ප්‍රකාශ සිදු කිරීම සඳහා මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය විවෘත වන අතර, ඉන් ඉදිරියට මුද්‍රිත ආකෘතිය භාවිතයෙන් වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීම අවශ්‍ය නොවේ.

මෙහි දී විශේෂයෙන් මාර්ගගතව තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ සිදු කිරීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය (ciaboc.gov.lk) තුළින් පමණක් අදාළ මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය වෙත ප්‍රවේශ වීම සිදු කල යුතු වේ. වෙනත් කිසිදු ක්‍රමයකට හෝ දිගුවක් භාවිතයෙන් අදාළ ප්‍රකාශ කළ යුතු තැනැත්තන් විසින් තම තොරතුරු ඇතුළත් නොකළ යුතු ය.

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 80 (1) වගන්තිය යටතේ අදාළ වන සියලු ම තැනැත්තන් විසින් සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු අතර, පනතේ 82 (1) වගන්තිය ප්‍රකාරව, පළමු පත්වීම් ප්‍රකාශය, වාර්ෂික ප්‍රකාශය, ධූර කාලය අවසානයේ දී හෝ විශ්‍රාම යාමේ දී සිදු කරනු ලබන ප්‍රකාශය, පශ්චාත් විශ්‍රාම ප්‍රකාශය, තත්කාර්ය ප්‍රකාශය සහ මැතිවරණ ප්‍රකාශය ද මෙම මාර්ගගත පද්ධතිය මඟින් සිදු කළ යුතුය.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search