2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 17(1) වගන්තිය මගින් පැවරී ඇති බලතල ප්‍රකාරව ගරු ජනාධිපතිතුමාගේ 2025.01.08 දිනැති පත් කිරීම අනුව මහාධිකරණ විනිසුරු රංග ශ්‍රීනාත් අබේවික්‍රම දිසානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්යක්ෂ ජනරාල් ලෙස 2025 ජනවාරි මස 10 දින රාජකාරී ආරම්භ කරන ලදී.
මහාධිකරණ විනිසුරු රංග ශ්‍රීනාත් අබේවික්‍රම දිසානායක මහතා 2000 වසරේ දී ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයෙකු ලෙස දිවුරුම් දී ඇති අතර, කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳව පශ්චාත් උපාධිය ද සම්පූර්ණ කර ඇත.
2005 වසරේ දී ගරු මහේස්ත්රාත්වරයෙකු ලෙස රාජකාරී ආරම්භ කර ඇති එතුමා දිවයිනේ ප්‍රදේශ ගණනාවක මහේස්ත්‍රාත් අධිකරණවල සේවය කර ඇති අතර, 2018 වසරේ දී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස ද කටයුතු කර ඇත. 2020 වසරේ දී මොණරාගල මහාධිකරණ විනිසුරු ධූරයට පත් එතුමා කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ධුරයට පත්වීමට පෙර බලපිටිය සහ මීගමුව මහාධිකරණවල විනිසුරු ලෙස ද කටයුතු කර ඇත.