තෝරාගත් දූෂණ විරෝධී ක්‍රියාන්විතයන් සඳහා සහය ලබා දීමේ ව්‍යෘපෘතිය දියත් කිරීම, වත්කම් ප්‍රකාශ කිරීම සඳහා වූ ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය ඉලක්ක කර ගනිමින්, 2023.01.16 වන දින කොළඹ අල්ලස් හෝ දූෂණ චෝදන විමර්ශන කොමිෂන් සභා ප්‍රධාන ශ්‍රවනාගාරයේ දී සිදුවිය. රාජ්‍ය අංශය තුල විනිවිදභාවය, වගවීම හා යහපාලනය ඉහළ නැංවීම සඳහා මේ වන විට අප රට විසින් දරනු ලබන ප්‍රයත්නයන්හී වැදගත් සන්ධිස්ථානයක් මෙතුලින් සනිටුහන් කෙරේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති විනිසුරු ගරු ඩබ්. එම්. එන්. පී. ඉද්දවෙල මැතිතුමන් විසින් පැමිණ සිටි පිරිස පිලිගනිමින් උත්සවයේ ආරම්භක කතාව සිදු කල අතර රාජ්‍ය අංශය තුල පවතින දූෂණය මැඩලීම සඳහා මෙන් ම එහි විනිවිදභාවය වැඩිදියුණු කිරීම සඳහා මෙම ව්‍යාපෘතියෙහි ඇති වැදගත්කම අවධාරණය කලේය. එමෙන් ම, එම පද්ධතිය ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රමුඛතාවන් සමග මෙන් ම 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත සමග ද ඒක රේඛීය වන බවත් එතුමන් හුවා දක්වන ලදි. එසේ ම, 2025 වසරේ ජූනි මස දී ශ්‍රී ලංකාව විසින් සාක්ෂාත් කල යුතු වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ව්‍යූහාත්මක ඉලක්කය කරා ළගා වීමට ද මෙම ක්‍රියාන්විතය හරහා සහය ලැබෙන බව ද එතුමන් සඳහන් කරන ලදි. ගරු විනිසුරු ඉද්දවල මැතිතුමන් විසින් මෙම ව්‍යාපෘතියේ හවුල්කාර පාර්ශවයන් වන එක්සත් ජාතීන් ගේ සංවර්ධන වැඩසටහන, ආසියානු සංවර්ධන බැංකුව සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට සිය කෘතවේදීත්වය ද මෙහි දී පිරිනමන ලදි.
එක්සත් ජාතීන් ගේ සංවර්ධන වැඩසටහනෙහි ශ්‍රී ලංකා නේවාසික නියෝජිත අසූසා කුබෝටා මෙනවිය ද, ටකෆුමි කඩොනෝ මහතා ද, ආසියානු සංවර්ධන බැංකුවෙහි මෙරට අධ්‍යක්ෂතුමන් ද අදහස් දක්වමින් මෙම ව්‍යාපෘතියට සහය දැක්වීම සඳහා මෙන්ම එය ගෝලීය දූෂණ විරෝධී ක්‍රියාන්විතයන් සමග එ්ක රේඛීය කිරීම සඳහා සිය සංවිධානවල තීරණාත්මක කාර්යභාරය සම්බන්ධයෙන් පැහැදිලි කලහ.රාජ්‍ය අංශයේ වගවීම ඉහළ නැංවීම සඳහා මෙන් ම දූෂණය අඩු කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය තුල වූ විභවය ඉස්මතු කරමින් එක්සත් ජාතීන් ගේ සංවර්ධන වැඩසටහනෙහි ප්‍රතිපත්ති විශේඥ චන්ද්‍රිකා කරුනාරත්න මහත්මිය විසින් මෙම ව්‍යාපෘතියේ අරමුණු ගෙනහැර දැක්වූවාය.
සංකේතාත්මක ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවයක් හරහා මෙම ව්‍යෘපෘතියේ නිල සමාරම්භය සනිටුහන් කෙරිනි. උත්සවයේ අවසන් දේශනය සිදු කල කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්. එස්. ඒ. දිසානායක මහතා, ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී ක්‍රමවේදය සවිමත් කිරීම සඳහාත් යහපාලනය වැඩිදියුණු කිරීම සඳහාත් මෙම පද්ධතියෙහි ඇති වැදගත්කම අවධාරණය කරමින් සියලු පාර්ශවකරුවන්ට කෘතවේදීත්වය පුද කරන ලදි.මෙම ක්‍රියාන්විතයේ ඉදිරි පියවර සාකච්ඡා කිරීම සඳහා සහභාගී වූ පිරිසට අවස්ථාව ලබා දීමෙන් අනතුරු ව උත්සවය නිමාවට පත්විය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙහි, එක්සත් ජාතීන් ගේ සංවර්ධන වැඩසටහනෙහි හා ආසියානු සංවර්ධන බැංකුවෙහි සහය සහිත ව දියත් කල මෙම ව්‍යාපෘතිය තුලින්, රාජ්‍ය අංශය තුල වූ දූෂණය මැඩලීම සඳහාත් විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීම සඳහාත් ශ්‍රී ලංකාව විසින් දරනු ලබන ප්‍රයත්නයන් සඳහා වැදගත් ඉදිරි පියවරක් සනිටුහන් කරයි.