හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයෙකුට, දූෂණ වරදට එරෙහිව නඩු තුනක් පවරයි

හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය උන්නති පියංකර ජයරත්න මහතාට එරෙහිව දූෂණය නම් වරද සම්බන්ධ චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් නඩු ත්‍රිත්වයක් පවරා ඇත. ඒ අනුව,

  • නඩු අංක HCB/353/2025 යට‌තේ සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් වෙසක් සුභ පැතුම් පත් 3000 ක් මුද්‍රණය කරවා ගැනීමෙන් රු.128,520 /- ක මුදලක පාඩුවක් ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියට දූෂණය නම් වරද සිදු කිරීම
  • නඩු අංක HCB/354/2025 යට‌තේ සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් රු.360,000/- ක මුදලක් මහවැව වී හේන ෆාම් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය වෙත ගෙවීම සඳහා සිවිල් ගුවන්සේවා අධිකාරියේ නිලධාරීන් පෙළඹවීමෙන් එකී මුදලක පාඩුවක් සිදු කිරීමෙන් දූෂණය නම් වරද සිදු කිරීම
  • නඩු අංක HCB/355/2025 යට‌තේ සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් රු.494,000/- ක මුදලක හලාවත ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගිණුමකට බැර කිරීම සඳහා සිවිල් ගුවන්සේවා අධිකාරියේ නිලධාරීන් පෙළඹවීමෙන් එකී මුදලක පාඩුවක් ආණ්ඩුවට සිදු කිරීමෙන් දූෂණය නම් වරද සිදු කිරීම

යටතේ 2025.01.08 වන දින කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇත.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search