මූල්‍යමය දූෂණ පිටුදැකීම සඳහා දරනු ලබන ප්රයත්නය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් යුතු ව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හා ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය අතර අවබෝධතා ගිවිසුමක් 2024 ජනවාරි මස 18 වන දින අත්සන් කිරීමට යෙදුනි.
මූල්‍යමය දූෂණ පිටුදැකීම සඳහා දරනු ලබන ප්රයත්නය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් යුතු ව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හා ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය අතර අවබෝධතා ගිවිසුමක් 2024 ජනවාරි මස 18 වන දින අත්සන් කිරීමට යෙදුනි.
මාතලේ යටවත්ත ප්‍රදේශයේ ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, පොලිස් නිලධාරීන් භාරයට ගෙන තිබූ පැමිණිලිකරු ධාවනය කරගෙන යන ලද යතුරුපැදියෙහි බලපත්‍රය කල් ඉකුත්වීම හා වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව ධාවනය කිරීම වෙනුවෙන් නීති මඟින් කටයුතු නොකර සිටීමට රු. 100,000/- ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එම මුදල රු. 50,000/- දක්වා අඩු කර පැමිණිලිකරුගේ කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රය ආපසු ලබා දී එම මුදලින් රු. 10,000/- ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත පොලිස් සැරයන්වරුන් දෙදෙනෙක් මාතලේ, මාදිපොල මාර්ගයේ මිල්ලවාන හන්දිය අසළදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් 2024.02.02 දින අත්අඩංගුවට ගන්නා ලදි.
2024.01.29 දින අධ්‍යාපන අමාත්‍යංශයෙහි 4 වන මහලේ ශ්‍රවණාගාරයේ දී පාසල් පද්ධතිය තුළ විෂය සමගාමී ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කරන, අධ්‍යාපන අමාත්‍යංශය සමග සම්බන්ධතා පවත්වන උප ප්‍රධාන ආයතනයන් සියල්ල ඒකරාශී කරගනිමින් 2024 නව වර්ෂයේ පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති විෂය සමගාමී ක්‍රියාකාරකම් සම්බන්ධ වාර්ෂික සැලැස්මත් ඒ හා සම්බන්ධ ගැටළු පිළිබඳවත් සාකච්ඡාවක් පැවැත්විණි. මේ සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නියෝජනය කරමින් සහකාර අධ්යක්ෂ දුෂ්මන්ති රාජපක්ෂ මහත්මිය, දූෂණ නිවාරණ නිලධාරී උදේශිකා ජයසේකර මහත්මිය සහ නීති සහකාර ගයාශානි උස්වත්ත මහත්මිය යන නිලධාරීන් සහභාගී වූ අතර, 2021 වසරේ අධ්‍යාපන අමාත්‍යංශය සමග අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම අනුව යමින් කොමිෂන් සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් පිළිබඳ අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රශංසාව හිමිවිය. 2023 වසරේ කොමිෂන් සභාව මගින් පාසල් ළමුන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් හා ගුරු අභ්‍යාසලාභීන් ඉලක්ක කරගනිමින් සිදු කරන ලද වැඩසටහන් පිළිබඳ පළමුව සාකච්ඡා කරන ලදි. අනතුරුව නව වසරේත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජුරේ (JURE) වැඩසටහන අනුග්‍රහයෙන් මෙන් ම කොමිෂන් සභාව විසින් සෘජුව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන වැඩසටහන් පිළිබඳවත් මෙහි දී සාකච්ඡාවට බඳුන් වූ අතර, නියෝජ්‍ය විදුහල්පතිවරු දැනුවත් කිරිමට මෙම වසරේ වැඩි අවධානයක් යොමු කිරීම සුදුසු බව ද මෙහි දී සාකච්ඡා විය. එමෙන් ම තවදුරටත් සාකච්ඡාවට බඳුන් වූ කරුණක් වූයේ අල්ලස හා දූෂණය පිළිබඳ නීති, විෂය නිර්දේශයට ඇතුළත් කිරිමට ඇති හැකියාව පිළිබඳවයි.
හම්බන්තොට, කටුවැව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරු දැනට පදිංචිව සිටින නිවසේ ජල හා විදුලි බිල්පත් පැමිණිලිකරුගේ නමට වෙනස් කර ගැනීමට අවශ්‍ය කටයුතු කරදීමට සහ පදිංචිය වෙනස් කරදීම සඳහා රුපියල් 10,000/=ක (දසදහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත ග්‍රාම නිලධාරිවරයකු 2024.01.31 දින අදාළ ග්‍රාම නිලධාරී කාර්යාලය තුළ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
මෙතෙක් කලක් රාජ්‍ය අංශයේ අල්ලස් හෝ දූෂණ සම්බන්ධව කටයුතු කිරීමට පමණක් පැවති බලතල අභිබවමින් 2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනත මගින් පුද්ගලික අංශයේ අල්ලස් සම්බන්ධයෙන් කටයුතු කිරීමට ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට බලතල හිමිවීය. ඒ අනුව, පුද්ගලික අංශයේ අල්ලස් වරදක් සම්බන්ධයෙන් පළමු වැටලීම 2024.01.26 වන දින කොමිෂන් සභාවේ අනුමැතිය මත සිදු කරන ලදි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් වන සෝෆියා සැන්ග් මහත්මිය සහ මානවී අබේවික්‍රම මහත්මිය 2024.01.17 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් හමු විය. ඊට අමතරව එම අරමුදලේ ජොයෙල් ටර්ක්විට්ස් මහතා සහ සර්වත් ජහාන් මහත්මිය මාර්ගස්ථ ක්‍රමය ඔස්සේ එම අවස්ථාවට සහභාගී වූහ. නව දූෂණ විරෝධී පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද, මෙරටින් අල්ලස දූෂණය තුරන් කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද එහිදී විශේෂ අවධානය යොමු විය.
මරදමුනේ ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරු විසින් පදිංචි ලිපිනයේ පවත්වාගෙන යනු ලබන හෝටලයේ සේවකයින්ට අර්ථසාධක අරමුදල් නොගෙවා හෝටලය කරගෙන යන බවට පෙත්සමක් අම්පාර කම්කරු කාර්යාලයට ලැබී ඇති බව පවසා, එම ගොණුව සැකකරු විසින් විමර්ශනය කරන බවට දන්වා ඒ සඳහා එම කාර්යාලයේ ප්‍රධානියාට පවසා නීති මගින් කටයුතු නොකර, උදව්කර දීම සඳහා රුපියල් 10,000/= ක (දහදාහක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත කම්කරු නිලධාරියකු 2014.01.18 වන පැය 18.44ට පමණ මරදමුනේ අල් කයාම් හෝටලය ඉදිරිපිට දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් සහ වැඩ බලන පොලිස්පතිතුමන් අතර විශේෂ සාකච්ඡාවක් 2024 ජනවාරි මස 17 වන බදාදා දින කොමිෂන් සභා පරිශ්‍රයේදී පැවති අතර කොමිෂන් සභාවේ විමර්ශන අංශයේ ප්රගමනය උදෙසා කරුණු රැසක් එහිදී සාකච්ඡා කරන ලදි. ඒ අනුව, පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු විමර්ශන කටයුතු සම්බන්ධ දැනුම හා අත්දැකීම් ඇති පොලිස් නිලධාරීන් කොමිෂන් සභාවේ විමර්ශන අංශයේ පවතින පුරප්පාඩු සඳහා අනියුක්ත කර ගැනීමටත්, දූෂණ විරෝධී පනත යටතේ අමතරව පැවරී ඇති කේෂ්ත්‍රයන් වන මුදල් විශුද්ධිකරණය හා වෝහාරික විමර්ශන කටයුතු ද ඇතුලුව නව පනතට අනුකූල අනෙකුත් විමර්ශන කටයුතුවලට අදාල කරුණු රැසක් පිළිබඳ එහිදී අවධානය යොමු වූ අතර දැනට කොමිෂන් සභාවේ සේවයේ නියුතු විමර්ශන නිලධාරීන් සඳහා අවශ්‍ය විෂයානුබද්ධ දැනුම ලබාදීම, පනතට ප්‍රකාරව හවුල් විමර්ශනවලට සම්බන්ධ කටයුතු පිළිබඳව ද මෙහි දී වැඩිදුරටත් සාකච්ඡා විය.
නාරම්මල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරුගේ නිවස පරීක්ෂා කර අත්අඩංගුවට ගන්නා ලද නීති විරෝධී මත්පැන් වන කසිප්පු, නඩු නොදමා අඩු ප්‍රමාණයකට නඩු පැවරීම වෙනුවෙන් සහ ඉදිරියට කසිප්පු විකිණීමේ කටයුතු සිදු කරගෙන යන ලෙස දන්වා, ඒ සඳහා නීති මගින් කටයුතු නොකර සිටීමට යැයි පවසා රුපියල් 10,000/= ක (දහදාහක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු 2024.01.16 වන පැය 18.40ට පමණ නාරම්මල ප්‍රදේශයේ පිහිටි පැමිණිලිකරුගේ නිවසේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ, විමර්ශන කොට්ඨාසයට අනුයුක්තව රාජකාරියේ නියුතු වූ විමර්ශන නිලධාරියෙකු, ලිංගික අතවර කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් පිළියන්දල පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලක් මත අදාළ පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කැස්බෑව ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු 2024.01.12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ඒ අනුව, අදාළ විමර්ශන නිලධාරියාගේ වැඩ තහනම්කර, මේ වන විට මූලික විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.
ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා 2023 දෙසැම්බර් මස 21 දිනැතිව නව සාමාජිකයන් පත්කරන ලදී.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
A 36, මලලසේකර මාවත,
කොළඹ 07, ශ්‍රී ලංකාව.
T+94 112 596360 / 1954