ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් වන සෝෆියා සැන්ග් මහත්මිය සහ මානවී අබේවික්‍රම මහත්මිය 2024.01.17 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් හමු විය. ඊට අමතරව එම අරමුදලේ ජොයෙල් ටර්ක්විට්ස් මහතා සහ සර්වත් ජහාන් මහත්මිය මාර්ගස්ථ ක්‍රමය ඔස්සේ එම අවස්ථාවට සහභාගී වූහ. නව දූෂණ විරෝධී පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද, මෙරටින් අල්ලස දූෂණය තුරන් කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද එහිදී විශේෂ අවධානය යොමු විය.
තවද, දූෂණ විරෝධී පනත බලාත්මක කිරීමේදී අවශ්‍යවන තාක්ෂණික හා විශේෂඥ දැනුම ලබා ගැනීම සම්බන්ධයෙන් ද එම අවස්ථාවේදී වැඩිදුරටත් සාකච්ඡාවට ලක් විය.