අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් සහ වැඩ බලන පොලිස්පතිතුමන් අතර හමුවක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් සහ වැඩ බලන පොලිස්පතිතුමන් අතර විශේෂ සාකච්ඡාවක් 2024 ජනවාරි මස 17 වන බදාදා දින කොමිෂන් සභා පරිශ්‍රයේදී පැවති අතර කොමිෂන් සභාවේ විමර්ශන අංශයේ ප්‍රගමනය උදෙසා කරුණු රැසක් එහිදී සාකච්ඡා කරන ලදි. ඒ අනුව, පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු විමර්ශන කටයුතු සම්බන්ධ දැනුම හා අත්දැකීම් ඇති පොලිස් නිලධාරීන් කොමිෂන් සභාවේ විමර්ශන අංශයේ පවතින පුරප්පාඩු සඳහා අනියුක්ත කර ගැනීමටත්, දූෂණ විරෝධී පනත යටතේ අමතරව පැවරී ඇති කේෂ්ත්‍රයන් වන මුදල් විශුද්ධිකරණය හා වෝහාරික විමර්ශන කටයුතු ද ඇතුලුව නව පනතට අනුකූල අනෙකුත් විමර්ශන කටයුතුවලට අදාල කරුණු රැසක් පිළිබඳ එහිදී අවධානය යොමු වූ අතර දැනට කොමිෂන් සභාවේ සේවයේ නියුතු විමර්ශන නිලධාරීන් සඳහා අවශ්‍ය විෂයානුබද්ධ දැනුම ලබාදීම, පනතට ප්‍රකාරව හවුල් විමර්ශනවලට සම්බන්ධ කටයුතු පිළිබඳව ද මෙහි දී වැඩිදුරටත් සාකච්ඡා විය.

තවද, රථවාහන රාජකාරීවල නිරතවන පොලිස් නිලධාරීන් අල්ලස් ලබා ගැනීම සම්බන්ධ පැමිණිලි බහුල වශයෙන් වාර්තා වීම සිදුවන බැවින් දැනට පවතින රථවාහන දඩ මුදල් ගෙවීමේ ක්‍රමවේදයේ වෙනස්කම් සිදු කිරීම පිළිබඳව ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කරන ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search