සුපිළිපන්න දරු පරපුරක් බිහිකිරීම උදෙසා පාසල් තුළ දූෂණ නිවාරණ වැඩපිළිවෙළ ප්‍රවර්ධනය කිරීම

2024.01.29 දින අධ්‍යාපන අමාත්‍යංශයෙහි 4 වන මහලේ ශ්‍රවණාගාරයේ දී පාසල් පද්ධතිය තුළ විෂය සමගාමී ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කරන, අධ්‍යාපන අමාත්‍යංශය සමග සම්බන්ධතා පවත්වන උප ප්‍රධාන ආයතනයන් සියල්ල ඒකරාශී කරගනිමින් 2024 නව වර්ෂයේ පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති විෂය සමගාමී ක්‍රියාකාරකම් සම්බන්ධ වාර්ෂික සැලැස්මත් ඒ හා සම්බන්ධ ගැටළු පිළිබඳවත් සාකච්ඡාවක් පැවැත්විණි. මේ සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නියෝජනය කරමින් සහකාර අධ්‍යක්ෂ දුෂ්මන්ති රාජපක්ෂ මහත්මිය, දූෂණ නිවාරණ නිලධාරී උදේශිකා ජයසේකර මහත්මිය සහ නීති සහකාර ගයාශානි උස්වත්ත මහත්මිය යන නිලධාරීන් සහභාගී වූ අතර, 2021 වසරේ අධ්‍යාපන අමාත්‍යංශය සමග අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම අනුව යමින් කොමිෂන් සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් පිළිබඳ අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රශංසාව හිමිවිය. 2023 වසරේ කොමිෂන් සභාව මගින් පාසල් ළමුන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් හා ගුරු අභ්‍යාසලාභීන් ඉලක්ක කරගනිමින් සිදු කරන ලද වැඩසටහන් පිළිබඳ පළමුව සාකච්ඡා කරන ලදි. අනතුරුව නව වසරේත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජුරේ (JURE) වැඩසටහන අනුග්‍රහයෙන් මෙන් ම කොමිෂන් සභාව විසින් සෘජුව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන වැඩසටහන් පිළිබඳවත් මෙහි දී සාකච්ඡාවට බඳුන් වූ අතර, නියෝජ්‍ය විදුහල්පතිවරු දැනුවත් කිරිමට මෙම වසරේ වැඩි අවධානයක් යොමු කිරීම සුදුසු බව ද මෙහි දී සාකච්ඡා විය. එමෙන් ම තවදුරටත් සාකච්ඡාවට බඳුන් වූ කරුණක් වූයේ අල්ලස හා දූෂණය පිළිබඳ නීති, විෂය නිර්දේශයට ඇතුළත් කිරිමට ඇති හැකියාව පිළිබඳවයි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search