මහවැලි අධිකාරියේ ඒකක කළමනාකරුවෙකු ලෙස සේවය කරමින් සිටියදී නිල කාර්යයක් ඉටු කර දීම පිණිස පුද්ගලයෙකුගෙන් අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අදාල චූදිතට එරෙහිව වර්ෂ 2013 දී පැවරූ කොළඹ මහාධිකරණයේ විභාග වූ නඩුකරයේ දී විත්ති පාර්ශවය විසින් ගෙන එන ලද මූලික විරෝධතාවයක් පිළිගනිමින් චූදිතව නිදහස් කිරීමට 2022/11/22 දින මහාධිකරණ විනිසුරුවරයා විසින් නියෝග කර තිබුණි. ගරු මහාධිකරණ විනිසුරුතුමන් ලබාදුන් එකී නියෝගයට එරෙහිව එම නියෝගය ප්රතිශෝධනය කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් 2023 මැයි මස 29 වන දින ප්රතිශෝධන අයදුම්පතක් අභියාචනාධිකරණය වෙත යොමු කර තිබුණි.







