අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ හැකියාවන් ඉහල නැංවීම උදෙසා පැවති “පූර්ව නඩු විභාගය” පිළිබඳ අත්දැකීම් හා දැනුම හුවමාරුකරගැනීමේ සම්මන්ත්‍රණය

වර්ෂ 2023 ක් වූ ජූනි මස 10 වන දින UNDP ශ්‍රී ලංකා ශාඛාව හා එක්ව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගලදාරී හෝටලයේ, Bougainville ශාලාවේ දී එකී කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ හැකියාවන් ඉහල නැංවීමට “පූර්ව නඩු විභාගය” පිළිබඳ අද්දැකීම් හා දැනුම හුවමාරු කරගැනීම උදෙසා සම්මන්ත්‍රණයක් පැවැත්විණි. ජනාධිපති නීතීඥ ගරු වැඩබලන අගවිනිසුරු බී.පී. අලුවිහාරේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ගරු මහාධිකරණ විනිසුරු ඒ.කේ.එම්. පටබැදිගේ සහ ගරු මහාධිකරණ විනිසුරු එච්.එම්.ආර් මංජුල තිලකරත්න මැතිතුමන්ලාගේ සහභාගීත්වයෙන් ඔවුනගේ දේශණ සහ සාකච්චා වට වලින් සමන්විතව මෙම වැඩසටහන පැවැත්විණි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් දිස්නා ගුරුසිංහ මහත්මිය එකී කොමිසම වෙනුවෙන් මෙම වැඩසටහන මෙහෙයවන ලදී. මෙම වැඩසහටන සඳහා අල්ලස් හෝ දූෂණ‌ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිනිය වන ගරු විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මැතිනිය ද, ඒකී කොමිෂන් සභාවේ සාමාජිකයන් වන ගරු විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දීපානි විජේසුන්දර මැතිනියද, චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මැතිතුමාද , අධ්‍යක්ෂ ජනරාල් ගරු මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.කේ.ඩී විජේරත්න මැතිතුමාද සමඟින් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුද, ඒකී කොමිෂන් සභාවේ නඩු මෙහෙයවීමේ කටයුතු සිදුකරන නීතීඥ මහත්ම මහත්මීන්ද, විමර්ශන නිලධාරීන්ද ඇතුලුව කොමිෂන් සභාවේ අනෙකුත් අංශයන් නියෝජනය කරමින් තවත් නිලධාරීන් ද සහභාගී වන ලදී.

tp0705 1

tp0705 1

tp0705 1

tp0705 1

tp0705 1

tp0705 1

tp0705 1

tp0705 1

tp0705 1

tp0705 1

tp0705 1

tp0705 1

tp0705 1

tp0705 1

tp0705 1

tp0705 1

tp0705 1

tp0705 1

tp0705 1

tp0705 1

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search