යාපනය මහේස්ත්රාත් අධිකරණයට අනුයුක්තව සිටි පොලිස් නිලධාරියෙකු කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් අල්ලස් චෝදනාවට වරදකරු කරන ලදී. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනුකර තිබූ චෝදනා 4න් 2කට සැකකරු වරදකරු කරනු ලැබූ අතර 2කට නිදොස් කරන ලදී. සෑම චෝදනාවකටම වසර බැගින් ලිහිල් සිර දඩුවම් නියම කෙරුණි. එමෙන්ම රු.10,000/- ක දඩයක් හා රු.500/- ක දණ්ඩනයක් නියම කළ අතර එය නොගෙවන්නේ නම් මාසයක ලිහිල් සිර දඩුවම් නියම කරන ලදී.