ජොන්ස්ටන් නිදහස් කළ තීන්දුවට එරෙහිව ප්‍රතිශෝදනා අයදුම්පතක්.....!

සමූපකාර හා අභ්‍යන්තර වෙලඳ කටයුතු අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු, සමූපකාර තොග වෙලඳ සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළ එරාජ් ට්‍රියන්ත ප්‍රනාන්දු සහ එම සංස්ථාවේ වැඩ බලන අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ මොහොමඩ් සාකීර් යන අයට විරුද්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිශන් සභාව විසින් පැවරූ කොලඹ මහ අධිකරණයේ විභාගවුණු නඩුකරයේදී, විත්ති පාර්ෂවය විසින් ගනු ලැබූ මූලික විරෝධතාවය පිලිගනිමින් චූදිතයන් නිදහස් කිරීමට මහ අධිකරණ විනිසුරු තුමන් නියෝග දී තිබුණි.

ගරු මහ අධිකරණ විනිසුරු තුමන් ලබාදුන් එම නියෝගයට එරෙහිව එම නියෝගය ප්‍රතිශෝධනය කිරිමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිශන් සභාව විසින් 2023.07.10 වන දින ප්‍රතිශෝධන ඉල්ලුම්පතක් අභියාචනාධිකරණය වෙත ගොනු කර ඇත. එම ඉල්ලුම්පත පිලිඹඳ සළකා බැලූ අභියාචනාධිකරණය 2023.07.14 වෙනි දින වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කිරීමට නියෝග කර ඇත.

මෙම චූදිතයන් සඳහා කොළඹ මහ අධිකරණයේ අධි චෝදනා ගොනුකර ඇත්තේ සමූපකාර තොග වෙලඳ සංස්ථාවේ සේවකයන් රාජකාරියෙන් පරිබාහිරව ක්‍රියාවේ යෙදවීම සහ ඒ වෙනුවෙන් සේවකයන්ට සංස්ථාවේ මුදලින් වැටුප් සහ අතිකාල දීමනා ලබාදෙමින් රජයට පාඩුවක් සිද්ධකිරීමේ චෝදනාව මතය.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search