JURE – යුක්තිය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහන: දූෂණයට එරෙහි සටන බල ගැන්වීම හා රාජ්ය නිලධාරීන් සවිබල ගැන්වීම

“බස්නාහිර පලාතේ පුහුණුකරුවන් සඳහා වූ නේවාසික පුහුණු වැඩසටහන”

දූෂණය මැඩලීම උදෙසා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තිර අදිටනින් දරන්නා වූ ප්‍රයත්නයන් වෙනුවෙන් එක්සත් ජාතීන් ගේ සංවර්ධන වැඩසටහන, යුරෝපා සංගමය, හා යුනිසෙෆ් ආයතනය යන පාර්ශවකරුවන් සමග JURE ව්යාපෘතිය (යුක්තිය ප්රතිසංවිධානය කිරීමේ වැඩසටහන) යටතේ අත්වැල් බැඳ ගත් අතර, එහි දී නිලධාරීන් 400 දෙනෙකු ඉලක්ක කර ගනිමින් වසරක් පුරා දිව යන වැඩසටහනක් අරඹන ලදි. “බස්නාහිර පලාතේ පුහුණුකරුවන් සඳහා වූ නේවාසික පුහුණු වැඩසටහන” මෙම ගමනේ වැදගත් ලක්ෂයක් සනිටුහන් කලේය.

එ් සඳහා විධායක ශ්‍රේණියේ කැපවීම් සහිත රාජ්‍ය නිලධාරීන් 57 දෙනෙකු සහභාගී වූ අතර අල්ලස හා දූෂණය පිටුදැකීම සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාවට නැංවීම සඳහා එම නිලධාරීන් සතු විය යුතු අත්‍යවශ්‍ය ශක්‍යතාවන් ඔවුන්ට ලබා දීම අරමුණු කර ගනිමින් එක් සැසියක් ලෙස මෙම වැඩසටහන පවත්වන ලදි. මෙම වැඩසටහන කළුතර ටැංජරින් හෝටලයේ දී පැවැත් වූ අතර සහභාගී වූ පිරිස ගේ ආකල්ප සංවර්ධනය කිරීම, ප්‍රායෝගික කුසලතා හා ඵලදායී සන්නිවේදන කුසලතා ඔප් නැංවීම ඉන් අපේක්ෂා කෙරිනි.

එහිදී සම්භාවනීය ආරාධිත දේශක මඩුල්ල ලෙස කටයුතු කල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස් III, චන්ද්ර නිමල් වාකිෂ්ට මහතා ද නියෝජ්ය අධ්යක්ෂ ජනරාල්, රන්ජනී සෙනෙවිරත්න මහත්මිය ද අත්දැකීම් සහිත නීතීඥවරියන් දෙදෙනෙක් වන තනූජා බණ්ඩාර මෙනවිය හා සුබාෂිනී සිරිවර්ධන මහත්මිය ද කොමිෂන් සභාවේ ගරු කටයුතු සාමාජිකයන් ද සිය අගනා වටිනා දැනුම් සම්භාරය ලබා දෙමින් සහභාගී වූ පිරිස දැනුමෙන් පෝෂණය කලහ.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, කේ. ඩී. එන් රන්ජිත් අශෝක මහතා, චන්දිමා වික්‍රමසිංහ මහත්මිය, තරිඳු වීරසිංහ මහතා, ජගත් ලියනාරච්චි මහතා හා මාලික අමරසේකර මහතා යන ගෞරවනීය විද්වත් පිරිස සහභාගී වූ පිරිසට අතිශය වටිනා දැණුම් සම්භාරයක් ලබා දුන් අතර, දූෂණ නිවාරණ නිලධාරීන් හා තොරතුරු සන්නිවේදන නිලධාරී විසින් මෙම සැසිය සංවිධානය කිරීමේ දී හා සැලසුම් කිරීමේ දී වැදගත් කාර්යභාරයක් ඉටු කලහ.

මෙම අවස්ථාව ජාතික ක්‍රියාකාරී සැලැස්මේ අරමුණු සමග ඒකාත්මික වන පුළුල් ක්‍රියාන්විතයක් සනිටුහන් කරන අතර, JURE ව්යාපෘතියේ ඉලක්ක කරා පියවර ඔසවමින් අනාගත ශ්‍රී ලංකා රාජ්‍ය සේවය ආචාරධර්ම ගරු කරන වගවීම් සහිත ක්ෂේත්‍රයක් කිරීමෙහි ලා පසුබිම සකස් කරයි. කොමිෂන් සභාවේ ගෞරවනීය සාමාජිකාවක වන දීපාලි විජේසුන්දර මහත්මියගේ සුරතින් සහභාගී වූවන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීම සිදු විය.

jure 1

jure 1

jure 1

jure 1

jure 1

jure 1

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search