අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නීති නිලධාරීන් සඳහා වූ නේවාසික වැඩමුළුව

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ එක්සත් ජාතීන් ගේ සංවර්ධන වැඩසටහන එක් ව ‘JURE’ ව්යාපෘතිය යටතේ 2023 ජූලි මස 21 වන දින සිට 23 වන දින දක්වා වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටලයේ දී සැසි ගණනාවකින් සමන්විත ධාරිතා සංවර්ධනය කිරීමේ තෙදින වැඩමුළුවක් පවත්වන ලදි.

එහි පලමු දිනයේ දී නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්, ජනක බණ්ඩාර මහතා “නඩු සිතියම්ගත කිරීම: විමර්ශන අභියාචනා කිරීම ” සම්බන්ධයෙන් සිය විශේෂඥ දැණුම සහභාගී වූ පිරිසට ලබා දුන්නේය. එම සැසිය අවසානයේ දී, වැඩමුළුවට සහභාගී වූ පිරිසෙන් දෙදෙනෙක් මනඃකල්පිත නඩු විභාගයක් සිත් ගන්නා සුළු අයුරින් ඉදිරිපත් කලහ.

සැසියේ දෙවන දිනයේ දී, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතීඥ, ගරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සම්පත්දායකයකු ලෙස සම්බන්ධ කර ගැනීමේ භාග්‍ය සහභාගී වූ පිරිස ලද අතර එතුමන් විසින් “අභියාචනා කිරීම හා ප්රතිශෝධන: උද්දේශන දෘෂ්ඨිකෝණයෙන්” යන මැයෙන් එතුමන් ගේ විද්වත් දැණුම එම පිරිසට ලබා දුන්නේය. අපරභාගයේ පැවති සැසියේ දී, “අපරාධ නඩු විභාගයේ දී සාක්ෂිකරුවන් විමර්ශනය කිරීම” හා “විනිසුරුතුමන් ඉදිරියේ දී පැමිණිල්ල මෙහෙය වන නීතිඥතුමන් ගේ කාර්යභාරය” යන මැයෙන් වූ හරවත් දේශන ද්විත්වයක් මහාධිකරණ විනිසුරුවරුන් වන ගරු. ඒ. කේ. එම්. පටබැඳිගේ මහතා සහ ගරු. එච්. එම්.ආර්. මංජුල තිලකරත්න මහතා විසින් පිලිවෙලින් පැවැත් වූ අතර එම සැසි අවසානයේ දී මහාධිකරණයේ නඩු මෙහෙයවීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන සභා නීති නිලධාරීන් ගේ දැණුම හා ධාරිතාවය ඉහළ නංවමින් එම විනිසුරවරුන් ‍සමග පැනල සාකච්ඡාවක් ද පවත්වන ලදි.

තෙවන දිනයේ දී, “වත්කම් සම්බන්ධයෙන් නඩු පැවරීමේ අභියෝග” පිලිබඳ ව නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්, අයේෂා ජිනසේන මෙනවිය සහභාගී වූ පිරිස දැනුවත් කල අතර, ඉන් අනතුරුව, නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්, ඩිලාන් රත්නායක මහතා විසින් “දූෂණ නඩු විභාග කිරීම” සම්බන්ධයෙන් හරවත් දේශනයක් පැවැත්වූයේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නීති නිලධාරීන් ගේ දැනුම වැඩි දියුණු කර ගැනීමටත්, ධාරිතා සංවර්ධනය කර ගැනීමටත් මෙම සැසි බෙහෙවින් ඉවහල් විය.

0823 1

0823 1

0823 1

0823 1

0823 1

0823 1

0823 1

0823 1

0823 1

0823 1

0823 1

0823 1

0823 1

0823 1

0823 1

0823 1

0823 1

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search