අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව(CIABOC) සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) මගින් 2023 ජූලි 22 ගාල්ල ආරාධනා හෝටලයේදී ගාල්ල ජනාධිපති බාලිකා විද්‍යාලය මුල් කොට ගනිමින් “අල්ලසින් තොර සුපිළිපන් පරපුරක් බිහි කරමු “ මැයෙන් “සුපිළිපන්න සමාජ පිහිටුවීමේ වැඩසටහනක” ප්‍රධාන සැසි 03ක් ඔස්සේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 250ක් සදහා පවත්වන ලදී. එමෙන්ම මීට පෙර සුපිළිපන්න සමාජ පිහිටුවන ලද ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය හා ඕල්සෙන්ට්ස් විද්‍යාලයේ සිසුන් ඒ පිලිබඳ තම අත්දැකීම් බෙදා ගැනීම මෙහිදී සිදු කල අතර ඊට අමතරව ගාල්ල ඇලෝෂියස් විද්‍යාලය, තීරණගම බෝධිරාජ විද්‍යාලය, ගාල්ල අනුලාදේවි විද්‍යාලය හා ශ්‍රී හෘදය කන්‍යාරාමය යන විද්‍යාල නියෝජනය කරමින් සිසු සිසුවියන් පිරිසක් ද මීට සහභාගී විය. දිනය පුරාවටම සුපිළිපන්නභාවය වර්ධනය කිරීම සහ එහි ප්‍රායෝගික භාවිතය, ජාතික සුපිළිපන් සැලැස්ම, සුපිළිපන්න කමිටු පිහිටුවීම සිදු විය. එමෙන්ම එදින රාත්‍රියේ දී ගිනිමැලය වටා සංගීතමය රසාස්වාදනය ඔප් නැංවීම මගින් දරුවන්ගේ සුපිළිපන්භාවය වර්ධනය සහ අදාළ සංකල්ප කා වැද්දවීම යන අරමුණු මූලික කොට ගනිමින් වැඩසටහන දියත් විය. මෙහි දී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුනේත්‍රා ජයසිංහ මහත්මියගේ මගපෙන්වීම යටතේ, සම්පත් දායකයින් ලෙස අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් දුෂ්මන්ති රාජපක්ෂ මහත්මිය, දූෂණ නිවාරණ නිලධාරී උදේශිකා ජයසේකර මහත්මිය, දූෂණ නිවාරණ නිලධාරී විමුක්ති ජයසූරිය මෙනවිය, දූෂණ නිවාරණ නිලධාරී රුෂාන්ති දිල්ෂානි මෙනවිය, දූෂණ නිවාරණ නිලධාරී ශමිමි ශ්‍රීලාල් මහතා සහභාගි වූ අතර තොරතුරු තාක්ෂණ සහය විමර්ශන නිලධාරී ප්‍රදීප් අමරජීව මහතා සහ තීක්ෂණ වික්‍රමසිංහ මහතා ලබා දෙන ලදී.
නවතම පුවත්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් නිවාරණ වැඩසටහන් සඳහා පුහුණුකරුවන් ලෙස පුහුණු කිරීම සඳහා වූ එක් දින පුහුණු වැඩමුළුව
සැප්තැම්බර් 07 2023
“අල්ලසින් තොර සුපිළිපන් පරපුරක් බිහි කරමු “ - “සුපිළිපන්න සමාජයක් පිහිටු වීමේ වැඩසටහන” ගාල්ල ජනාධිපති බාලිකා විද්‍යාලය
අගෝස්තු 29 2023
JURE – යුක්තිය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහන: දූෂණයට එරෙහි සටන බල ගැන්වීම හා රාජ්‍ය නිලධාරීන් සවිබල ගැන්වීම
අගෝස්තු 22 2023
ජොන්ස්ටන් නිදහස් කළ තීන්දුවට එරෙහිව ප්රතිශෝදනා අයදුම්පතක්.....!
අගෝස්තු 03 2023
හඳුනා ගැනීම් හා වැටලීම්
රුපියල් 75000.00 (හැත්තෑපන්දහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ - නොච්චියාගම ඒකක වැඩබලන කළමණාකරු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
සැප්තැම්බර් 23 2023
රුපියල් 25000/- (විසිපන්දහසක) මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පදවිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජනපද නිලධාරී අල්ලස් චෝදනා මත අත්අඩංගුවට.
අගෝස්තු 25 2023