අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් නිවාරණ වැඩසටහන් සඳහා පුහුණුකරුවන් ලෙස පුහුණු කිරීම සඳහා වූ එක් දින පුහුණු වැඩමුළුව

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ එක්සත් ජාතීන් ගේ සංවර්ධන වැඩසටහන එක් ව ‘JURE’ ව්යාපෘතිය යටතේ 2023 අගෝස්තු මස 26 වන දින කොල්ලුපිටිය රේනුකා හෝටලයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් නිවාරණ වැඩසටහන් සඳහා පුහුණුකරුවන් ලෙස පුහුණු කිරීම සඳහා වූ එක් දින පුහුණු වැඩමුළුවක් පවත්වන ලදි. මෙම වැඩසටහන සදහා නිලධාරීන් 50 දෙනෙකු සහභාගි විය.

එහි දී රාජ්‍ය සේවකයකුගේ සුපිළිපන්න බව තහවුරු කිරීම සඳහා පවතින ප්‍රතිපාදන පිළිබඳව අවබෝදයක් ලබාදීම, ජාතික ක්‍රියාකාරී සැලැස්ම, සුපිළිපන් අත්පොත, තෑගි රීති අත්පොත, බැඳියාවන් අතර ගැටුම් අත්පොත හදුන්වාදීම නීතිඥ ජගත් ලියනාරච්චි මහතා විසින් සිදුකරන ලදී.

කැළණිය විශ්වවිදයාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරිදු වීරසිංහ මැතිතුමා විසින් දූෂණය වැළැක්විය හැකි බවට ධනාත්මක ආකල්පයක් පුහුණුකරුවන් තුල ඇති කිරීම, සුපිළිපන්නභාවයේ අගය පිළිබදව සංවේදිතාවක් ඇති කිරීම, රාජ්‍ය සේවක අභිමානය වර්ධනය කිරීම, නිවාරණ වැඩසටහන් මෙහෙය වීම පිළිබදව පුහුණුකරුවකු / නිලධරයකු සතුවිය යුතු මානසික ශක්තිය හා විශ්වාසය ඇති කිරීම මැයෙන් දේශනය පවත්වන ලදී.

දිනයේ අවසන් සැසිය පුහුණුකරුවකු / ඉදිරිපත්කරන්නෙකු සදහා අවශ්‍ය භෞතික / මානසික සූදානම ඇති කිරීම, ඉදිරිපත්කිරීමකදී ඇති විය හැකි බාධක පිළිබදව අවබෝධයක් ලබාදීම සම්බන්ධයෙන් ජේෂ්ඨ උපදේශක (ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය) ජයනන්ද ජයසූරිය මහතා විසින් හරවත් දේශනයක් පැවැත්වූයේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් ගේ දැනුම වැඩි දියුණු කර ගැනීමටත්, ධාරිතා සංවර්ධනය කර ගැනීමටත් මෙම සැසි බෙහෙවින් ඉවහල් විය.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search