වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ නීති, තක්සේරු කිරීමේ පටිපාටිය හා සමාගම් හා වත්කම් විමර්ශනය පිලිබඳ වැඩමුළුව

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ එක්සත් ජාතීන් ගේ සංවර්ධන වැඩසටහන එක්ව ‘JURE’ ව්‍යාපෘතිය යටතේ මෙම කොමිෂන් සභාවේ නීති නිලධාරීන් හා විමර්ශන නිලධාරීන් සඳහා සැසි තුනකින් සමන්විත වැඩමුළුවක් 2023 සැප්තැම්බර් මස 2 වන දින කොළඹ කිංස්බරී හෝටලයේ දී පවත්වන ලදි.

එහි පලමු සැසියේ දී, “වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ නීති” පිලිබඳ ව අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ලේකම්, ගයනි ගුනවර්ධන මහත්මිය ඇය ගේ හසල දැනුම අප සමග බෙදා ගත්තාය.

එහි දෙවන සැසිය, රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තක්සේරුකරු, තමරා අධිකාරම් මහත්මිය විසින් පැවැත්වූ අතර, දූෂණය හා වත්කම් විමර්ශනයේ දී “තක්සේරු කිරීමේ පටිපාටිය” යන මැයෙන් ඇයගේ විද්වත් දැනුම බෙදා ගත්තාය.

සමාගම් ලියාපදිංචි කිරීමේ සහකාර රෙජිස්ටර් ජනරාල්, සුමිත් රත්නායක මහතා ගේ ප්‍රධානත්වයෙන් තෙවන සැසිය පැවැත් වූ අතර එහි දී ඔහු විසින් “සමාගම් ලියාපදිංචි කිරීම හා දූෂණය හා වත්කම් විමර්ශනය හා සම්බන්ධ ගැටලු” යන මැයෙන් හරවත් දේශනයක් පැවැත්වූයේය.

කොමිෂන් සභාවේ නීති නිලධාරීන් හා විමර්ශන නිලධාරීන් ගේ දැනුම ඉහළ නැංවීමටත් ධාරිතා සංවර්ධනයටත් මෙම වැඩමුළුව බෙහෙවින් ඉවහල් විය.

1006 1

1006 1

1006 1

1006 1

1006 1

1006 1

1006 1

1006 1

1006 1

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search