ලංකාදීප පුවත්පතේ 2023.09.24 දින වාර්තාව නිවැරදි කිරීම

2023.09.24 දින ඉරිදා ලංකාදීප පුවත්පතේ “අල්ලස් නඩුවලින් භාගයක්ම අයින් කරගෙන” යන මාතෘකාවෙන් යුතුව පළවුන පුවතේ අඩුපාඩු සම්බන්ධව අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සුනේත්‍රා ජයසිංහ මිය විසින් 2023.10.04 දිනැතිව පැහැදිලි කිරීමක් ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කතෘ වෙත යොමුකරන ලදී. ඒ අනුව අදාල නිවැරදි කිරීම 2023.10.15 දින ඉරිදා ලංකාදීප පුවත්පතේ සිඳුකර ඇත.

ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක SC Writ 01/2011 නඩු තීන්දුවට අනුව නඩු 93 ක් ඉල්ලා අස්කර ගත් නමුත් එදින වන විට ඉන් නඩු 63 ක් නැවත පවරා ඇති අතර, තවත් නඩු 24 ක් නැවත පැවරීමට අදාල කටයුතු සිදුකරනු ලබන අතර, නඩු 03 ක් පමණක් නැවත පවරනු නොලබන බව නිවැරදි කිරීමට අදාල පුවතේ දක්වා ඇත.

එමෙන්ම විමර්ශන කටයුතු සම්බන්ධ පුවතේ දක්වා ඇති කරුණු වලට අදාළව සමහර ගොනු ප්‍රමාදවී ඇත්ද යන්න වර්ෂ ගණන අනුව කිව නොහැකි බව එහි දක්වා ඇත.

1030

 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search