“සුපිලිපන්න දේශයක් කරා “ අල්ලස සහ දුෂණය පිලිබඳ අනොන්‍ය අත්දැකීම් සහ දැනුම හුවමාරුකර ගැනීම පිණිස “සිවිල් සංවිධානවල සාමාජිකයන් සමග සුහදශීලි හමුව”

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව(CIABOC) සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) මගින් 2023 ඔක්තෝම්බර් 21 දින කොළඹ කිංස්බරි හෝටලයේදී “අල්ලසින් තොර සුපිළිපන් දේශයක් බිහි කරමු “ මැයෙන් අල්ලස සහ දුෂණය පිලිබඳ අනොන්‍ය අත්දැකීම් සහ දැනුම හුවමාරුකර ගැනීම පිණිස සිවිල් සංවිධානවල සාමාජිකයන් සමග සුහදශීලි හමුවක් සිවිල් සංවිධාන 50ක් සදහා පවත්වන ලදී.

මෙහි දී ප්‍රථමයෙන්ම අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සුනේත්‍රා ජයසිංහ මහත්මිය විසින් එදින පිලිගැනීම හා අරමුණු පැහැදිලි කිරීම සිදු කල අතර අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ තෙවන කොමසාරිස් චන්ද්‍ර නිමල් වාකිෂ්ට මැතිතුමා විසින් “අල්ලස හා දුෂණය වැළක්විම උදෙසා සිවිල් සංවිධාන සහ රාජ්‍ය අංශය අත්වැල් බැඳගත යුතු වන්නේ ඇයි?” යන මැයෙන් ආරාධිත දේශනය සිදු කරන ලදී. අනතුරුව සහකාර අධ්‍යක්ෂ ජනරාල් අනුත්තරා ජයසිංහ මහත්මිය, සහකාර අධ්‍යක්ෂ ජනරාල් තුෂාරි දයාරත්න මහත්මිය සහ සහකාර අධ්‍යක්ෂ ජනරාල් තනුජා බණ්ඩාර මෙනෙවිය විසින් ‘අල්ලස හා දුෂණ නීතියේ නව නීති තත්වයන්’ පිළිබඳව දේශනය ඉදිරිපත් කරන ලදී. ‘ධනාත්මක චින්තනය තුලින් සුපිලිපන්න සේවයක් කරා ගමන්ගන්නේ කෙසේද?’ යන්න පිළිබඳව කැළණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ මහතා විසින් හරවත් දේශනයක් ඉදිරිපත් කල අතර නීතිඥ ජගත් ලියනාරච්චි මහතා විසින් ‘අල්ලස හා දුෂණය වැලැක්වීම සම්බන්ධයෙන් සිවිල් සමාජ සංවිධානයන්හි කාර්යභාරය කුමක්ද?’ යන්න පිළිබඳව විග්‍රහ කරන ලදී. අල්ලස හා දුෂණය වැලැක්වීම සම්බන්ධයෙන් සිවිල් සමාජ සංවිධානයන්හි සහ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ඉදිරි ගමන් මග පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමේ සාකච්ඡාවක් රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්‍යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජිව විමලගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා එදින සම්පත් දායකයන්ගේ සහභාගිත්වයෙන් හා සහකාර අධ්‍යක්ෂ ජනරාල් තනුජා බණ්ඩාර මෙනවියගේ මෙහෙයවීමෙන් සිදු කරන ලද අතර අවසානයේදී සහකාර අධ්‍යක්ෂ ජනරාල් අනුත්තරා ජයසිංහ මහත්මියගේ ස්තුති කතාවෙන් එදින කටයුතු නිමාවට පත් කරන ලදී.

1030 1

1030 1

1030 1

1030 1

1030 1

1030 1

1030 1

1030 1

1030 1

1030 1

1030 1

1030 1

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search