අල්ලස හා දූෂණය පිටු දැකීම පිලිබඳ ව මෝටර රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් එක්සත් ජාතීන් ගේ සංවර්ධන වැඩසටහනෙහි සහයෝගයෙන් ‘JURE’ ව්යාපෘතිය යටතේ පවත්වන ලදි

එම වැඩසටහන 2023 ජූලි මස 8 වන දින ශ්රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ දී පැවැත්වුනු අතර ඒ සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස් III, චන්ද්ර නිමල් වාකිෂ්ට මහතා, කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්, ඩබ්. කේ, දමිත් විජේරත්න මහතා, මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්, නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සහ එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහභාගී විය. අල්ලස හා දූෂණයට අදාල වන සැසි හතරකින් මෙම වැඩසටහන සමන්විත වූ අතර එයට, සුපිලිපන් බවේ සන්තුෂ්ටිය හා මානසික සෞඛ්ය, සිද්ධි අධ්යයනය, දූෂණයට අදාල ව ශ්රී ලංකාව ජාත්යන්තර වශයෙන් සිටින ස්ථානය, රාජ්ය සේවක කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය ඇතුලත් විය. මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යන අංශයේ අංශ ප්‍රධානී, ආචාර්ය මනෝජි හරිස්චන්ද්‍ර මහත්මිය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්යක්ෂ ජනරාල්, තනූජා බණ්ඩාර මහත්මිය, සහකාර අධ්යක්ෂ (නීති), අමා විජේසිංහ මහත්මිය, කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරීන් වන සම්පත් ආරච්චිගේ මහතා, ශානිකා හෙයියන්තුඩුවගේ මෙනවිය, චමෝදි ජයසිංහ මෙනවිය, ටී. එම්. නිපුනි කෝෂිලා තෙන්නකෝන් මෙනවිය හා තොරතුරු තාක්ෂණ නිලධාරී, සඳුන් නිලංක මහතා යන නිලධාරීන් විසින් ලබා දෙන ලදි.

 0718 1

 0718 1

 0718 1

 0718 1

 0718 1

 0718 1

 0718 1

 0718 1

 0718 1

 0718 1

 0718 1

 0718 1

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search