එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2003 ඔක්තොම්බර් 31 දින එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්රඥප්තිය සම්මත කරන ලද අතර රටවල් තිහක අනුමැතිය තුළින් 2005 දෙසැම්බර් 14 දින එය බලාත්මක වන ලදී.වර්තමානය වන විට එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් බොහොමයක්ම මෙම ප්‍රඥප්තියෙහි පාර්ශවකරුවන් වන අතර ශ්‍රී ලංකාව ද 2004 වසරේ දී එහි මුල් පාර්ශවකරුවෙකු වූ රටවලින් එකකි. දූෂණය හා එය මැඩලීම හා වැලැක්වීම සඳහා වන ප්‍රඥප්තියෙහි කාර්යභාරය පිළිබඳව දැනුවත්භාවය වර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් දෙසැම්බර් 9 දිනය ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය ලෙස නම් කරන ලදී.