සුපිළිපන්න නිලධාරීන් පුහුණු කිරීමේ එක්දින වැඩමුළුව - සබරගමුව පළාත

"ශ්‍රී ලංකාව ලොව විශිෂ්ටතම දේශයක් බවට පත් කිරීම උදෙසා, සුපිළිපන් හදැති අභිමානවත් ශ්‍රී ලාංකේය පරපුරක් බිහි කිරීම" පරමාදර්ශී අභිලාශය හා දැක්ම කොටගනිමින් සම්පාදනය කොට ඇති ශ්‍රී ලංකාව තුළින් අල්ලස හා දූෂණය තුරන් කිරීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්මේ ක්‍රියාකාරී අයිතමයන් ක්‍රියාත්මක කිරීම යටතේ රාජ්‍ය ආයතනයන් තුළ සුපිළිපන්න නිලධාරීන් පත්කිරීම හා එම නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහන් මාලාවක් ශ්‍රී ලංකාවේ පළාත් 09 කේන්ද්‍ර කොට ගනිමින් ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් පවතී. මේවන විට එම වැඩසටහන් මාලාව යටතේ පළාත් 06ක් ආවරණය කර ඇති අතර, එහි හත්වන වැඩසටහන 2024.01.23 වන දින සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලදී.


අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පලාත් පාලන අමාත්‍යංශයේ ද සහයෝගය ඇතිව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ අනුග්‍රහයෙන් රත්නපුර ග්රෑන්ඩ් ගාර්ඩියන් (Hotel Grand Guardian) හෝටල් පරිශ්‍රයේදී පෙ.ව 8.00- ප.ව 4.00 දක්වා මෙම වැඩමුළුව පවත්වන්නට යෙදුණි. ඒ සඳහා කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික්ක ලේකම් කාර්යාල, සියලුම ප්‍රාදේශිය ලේකම් කාර්යාල, සබරගමුව පළාත් සභා පළාත් ලේකම් කාර්යාලය සහ පළාත් පාලන ආයතන නියෝජනය කරමින් පත්කරන ලද සුපිළිපන් නිලධාරින් 100 දෙනෙකුට ආසන්න පිරිසක් සහභාගීවිය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් මයුරි උඩවෙල මහත්මියගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන ආරම්භ කරන ලද අතර “සුපිළිපන්න රාජ්‍ය සේවයක් කරා යන ගමනේදී රාජ්‍ය ආයතනයන්හි හා රාජ්‍ය සේවකයකුගේ වගකීම සුපිළිපන් නිලධාරියකුගේ ඇසින්” මැයෙන් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පලාත් පාලන අමාත්‍යංශයේ අතිරේක ලේකම් බුද්ධි තරංගා කරුණාසේන මහත්මියත්, "ශ්‍රී ලංකාව තුළින් අල්ලස හා දූෂණය වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම සහ නීතිමය ප්‍රතිපාදන" පිළිබදව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අතිරේක අධ්‍යක්ෂක ජෙනරාල් තනුජා බණ්ඩාර මෙනවියත්, සුපිළිපන්න නිලධාරියා සතු කාර්යභාරය පිළිබදව නීතිඥ ජගත් ලියන ආරච්චි මැතිතුමාත්, “ධනාත්මක චින්තනය සහ චර්යාවන් වැඩිදියුණු කිරීම තුළින් රාජ්‍ය සේවයේ සුපිළිපන්න භාවය හා විශිෂ්ඨත්වය කරා” මැයෙන් කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ට කථිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ මැතිතුමාත් සැසි හතරක් යටතේ දේශන සදහා සම්පත් දායකත්වය ලබා දෙන ලදී. මේ සදහා ප්‍රධාන සම්බන්ධීකාරක ලෙස දූෂණ නිවාරණ නිලධාරී විමුක්ති ජයසූරිය මෙනවිය කටයුතු කරන ලද අතර දූෂණ නිවාරණ අංශයේ රුෂාන්ති දිල්ශානි, ශම්ම් ශ්‍රීලාල්, චමෝදි ජයසිංහ, ඉෂානි විජේසූරිය, ශිලාමේඝ වැලිතොටගේ, මධූකා රුවන්ති සහ උදේශිකා ජයසේකර යන නිලධාරී මහත්ම මහත්මීන් වැඩසටහන මෙහෙයවීම සදහා සහය දක්වන ලදී.

 

ciaboc 202401 1

ciaboc 202401 2ciaboc 202401 3ciaboc 202401 4ciaboc 202401 5ciaboc 202401 6ciaboc 202401 7ciaboc 202401 8ciaboc 202401 9ciaboc 202401 10ciaboc 202401 11ciaboc 202401 12ciaboc 202401 13ciaboc 202401 14ciaboc 202401 15ciaboc 202401 16ciaboc 202401 17ciaboc 202401 18ciaboc 202401 19ciaboc 202401 20ciaboc 202401 21ciaboc 202401 22ciaboc 202401 23ciaboc 202401 24ciaboc 202401 25ciaboc 202401 26ciaboc 202401 27ciaboc 202401 28ciaboc 202401 29ciaboc 202401 30ciaboc 202401 31ciaboc 202401 32ciaboc 202401 33ciaboc 202401 34ciaboc 202401 35ciaboc 202401 36ciaboc 202401 37ciaboc 202401 38ciaboc 202401 39

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search