පැමිණිලිකරු හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවිකරන බවට චෝදනා කරමින්, ඒ සදහා නීති මගින් කටයුතු නොකර සිටිමට, ලංකා විදුලි බල මණ්ඩලයේ, ගම්පහ ප්‍රාදේශිය විදුලි කාර්යාලයේ, විදුලි කාර්මික නිළධාරියෙකු පොලිස් නිලධාරියකු ලෙස පෙනී සිටිමින් රු.130,000/- ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, එම මුදල 2019.12.20 දින ලබාගත් අවස්ථාවේදි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාවේ නිළධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇත.