ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය සමරමින් 2020 දෙසැම්බර් 9 - අඛණ්ඩතාවයෙන් යථා තත්ත්වයට පත් වීමට

ගරු මහත්මයාණෙනි/මහත්මියනි,

රටක ඉදිරි ගමනට අකුල් හෙලන ප්‍රධානම බාධකයක් ලෙස වර්තමාන ලෝකය තුල වාර්තාගතව ඇත්තේ එම රටෙහි ක්‍රියාකාරි අංශ තුල පවතින අල්ලස සහ දුෂණයයි. අල්ලස සහ දුෂණය හේතුවෙන් ලැබිය යුත්තන්ට ලැබිය යුතු දේ නොලැබී යාමත්, අනවශ්‍ය පාර්ශවයන් අයථා ලාභ ප්‍රයෝජන ලැබීමත්, එම හේතුව නිසාම ඇතිවන සංකුලතා හේතුවෙන්, සත් කාර්‍යයක් අසත්කාර්‍යයක් බවට පත්වී ගැටළු පැන නැගී එම ක්‍රියාවලියෙහි යාන්ත්‍රණය සම්පුර්ණයෙන්ම බිද වැටීම නිරන්තරයෙන් සිදු වන සිදුවීමකි.

රටක් ව්‍යසන වලින් යථාතත්වයට පත්වීම වලක්වන සහ දුර්වල කරන ප්‍රධාන සාධකයක් වනුයේද අල්ලස සහ දුෂණයයි. ලෝකයේ සෑම රටකටම බලපා ඇති COVID-19 වසංගත තත්වය හමුවේද අල්ලස සහ දුෂණය ඉහළයාම දැනටමත් සෑම රටක්ම පාහේ නිරීක්ෂණය කර ඇති අභියෝගයකි. මෙම අභියෝගය ජය ගැනීම හුදෙක් නීති රීති වලින් හෝ වෙනත් කිසිදු ක්‍රමවේදයකින් කල හැක්කක් නොවේ ඒ සඳහා සෑම පුද්ගලයෙකුගේම සුපිළිපන් කැපවීම අත්‍යාවශ්‍යය. අල්ලස දුෂණයෙන් වැළකීම හෙවත් සුපිළිපන් බව සෑම පුද්ගලයෙක් තුලම මුල් බැස ගත් ප්‍රතිපතියක් විය යුතුය.

එම තේමාව පදනම් කරගෙන අන්තර් ජාතික දුෂණ මර්ධන දිනයට සමගාමීව ගරු ජනාධිපතිතුමන්ගේ පණිවිඩය සහ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිලිබඳ කාර්යාලයෙහි මහලේකම්තුමන්ගේ පණිවිඩය ද අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව ඔබ වෙත මේ සමග ඉදිරිපත් කරයි.

අතිගරු ජනාධිපතිතුමාගේ පනිවිඩය

ලේකම්තුමාගේ පනිවිඩය

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search