අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ තනතුරු පුරප්පාඩු පිරවීම

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නීති සහකාර තනතුරු 11ක් සහ ලඝු ලේඛක /යතුරු ලේඛක තනතුරු 07ක් සඳහා 2020.10.15 දින සිට ක්‍රියාත්මක වන පරිදි නිලධාරීන් බඳවා ගන්නා ලදී. අදාල පත්වීම් ලිපි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් 2020.10.15 දින ප්‍රදානය කල අතර, එදින සිට සතියක කාලසීමාවක් ඔවුන්ට සේවාරම්භක පුහුණුව  ලබා දීමට කටයුතු කරන ලදී.

නීති සහකාර තනතුර සඳහා නිලධාරීන් 17 ‍දෙනෙකු බඳවා ගැනීමට අනුමැතිය ලැබී ඇතත් අදාල පත්වීම් භාරගනු ලැබූවේ නිලධාරීන් 11 දෙනෙකු පමණක් බැවින්, ප්‍රමුඛතා ලේඛනයේ අනු පිළිවෙල අනුව නොපමාව ඉතිරි නිලධාරීන් බඳවා ගැනීමට කටයුතු කරනු ඇත.   

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search