"ශ්‍රී ලංකාව ලොව විශිෂ්ටතම දේශයක් බවට පත් කිරීම උදෙසා, සුපිළිපන් හදැති අභිමානවත් ශ්‍රී ලාංකේය පරපුරක් බිහි කිරීම" පරමාදර්ශී අභිලාශය හා දැක්ම කොටගනිමින් සම්පාදනය කොට ඇති ශ්‍රී ලංකාව තුළින් අල්ලස හා දූෂණය තුරන් කිරීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්මේ ක්‍රියාකාරී අයිතමයන් ක්‍රියාත්මක කිරීම යටතේ රාජ්‍ය ආයතනයන් තුළ සුපිළිපන්න නිලධාරීන් පත්කිරීම හා එම නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහන් මාලාවක් ශ්‍රී ලංකාවේ පළාත් 09 කේන්ද්‍ර කොට ගනිමින් ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් පවතී. මේවන විට එම වැඩසටහන් මාලාව යටතේ පළාත් 06ක් ආවරණය කර ඇති අතර, එහි හත්වන වැඩසටහන 2024.01.23 වන දින සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලදී.