බුස්ස නවක බන්ධනාගාර නියාමක නිලධාරීන් සඳහා පැවැත්වූ නිවාරණ වැඩමුළුව

2021-10-23 දින බුස්ස යුධ හමුදා පුහුණු පාසල් ශ්‍රවනාගාරයේ දී, ආධුනික බන්ධනාගාර නියාමක නිලධාරීන් 130 දෙනෙකු අල්ලස හා දූෂණය සම්බන්ධයෙන් දැනුවත් කිරීම උදෙසා නිවාරණ වැඩමුළුවක් පැවත්විණි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (අධ්‍යාපන) සුනේත්‍රා ජයසිංහ මහත්මියගේ අධීක්ෂණය යටතේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් දුෂ්මන්ති රාජපක්ෂ, දූෂණ නිවාරණ නිලධාරී ශිලාමේඝ වැලිතොටගේ, දූෂණ නිවාරණ නිලධාරී එච්.එම්.එස් හේරත් සහ දූෂණ නිවාරණ නිලධාරී එන්.ඩී.එන්.සී ජයසිංහ යන මහත්ම මහත්මීන් විසින් එම නිවාරණ වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලදී. වෝහාරික පරිගණක අංශයේ විමර්ශන නිලධාරී ටී.එච් හර්ෂ මධුසංක මහතා විසින් පරිගණක තාක්ෂණික සහය ලබා දුන් අතර, එරික් පෙරේරා මහතා විසින් වැඩසටහන සාර්ථක කරගැනීම උදෙසා ප්‍රවාහන සහය ලබා දෙන ලදී.

 Bussa Military Academy Auditorium 1Bussa Military Academy Auditorium 2Bussa Military Academy Auditorium 3Bussa Military Academy Auditorium 4Bussa Military Academy Auditorium 5

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search