මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන් සඳහා පැවැත්වූ නිවාරණ වැඩමුළුව

2022-01-27 දින මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාල ශ්‍රවනාගාරයේ දී, මිනුවන්ගොඩ කලාපයේ පාසල්වල විදුහල්පතිවරුන් 160 දෙනෙකු අල්ලස හා දූෂණය සම්බන්ධයෙන් දැනුවත් කිරීම උදෙසා නිවාරණ වැඩමුළුවක් පැවත්විණි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුනේත්‍රා ජයසිංහ මහත්මියගේ අධීක්ෂණය යටතේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් දුෂ්මන්ති රාජපක්ෂ, සහකාර අධ්‍යක්ෂ (විමර්ශන) සහකාර පොලිස් අධිකාරී රුවන් සුමේන්ද්‍ර , දූෂණ නිවාරණ නිලධාරී එච්.එම්.එස් හේරත් සහ දූෂණ නිවාරණ නිලධාරී විමුක්ති ජයසූරිය යන මහත්ම මහත්මීන් විසින් එම නිවාරණ වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලදී. වෝහාරික පරිගණක අංශයේ විමර්ශන නිලධාරී පී.ඩී ප්‍රදීප් අමරජීව සහ විමර්ශන නිලධාරී ටී.එච් හර්ෂ මදුසංක යන මහත්වරුන් විසින් පරිගණක තාක්ෂණික සහය ලබා දුන් අතර, මහේෂ් බුද්ධික මහතා විසින් වැඩසටහන සාර්ථක කරගැනීම උදෙසා ප්‍රවාහන සහය ලබා දෙන ලදී.

 Minuwangoda Zonal Education Office 1Minuwangoda Zonal Education Office 2Minuwangoda Zonal Education Office 3Minuwangoda Zonal Education Office 4Minuwangoda Zonal Education Office 5Minuwangoda Zonal Education Office 6Minuwangoda Zonal Education Office 7Minuwangoda Zonal Education Office 8Minuwangoda Zonal Education Office 9Minuwangoda Zonal Education Office 10

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search