ඇලහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්මික නිලධාරීට වසර 5 බැගින් වසර 20ක බරපතල වැඩ සහිත සිර දඬුවම්.
ඇලහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්මික නිලධාරීට වසර 5 බැගින් වසර 20ක බරපතල වැඩ සහිත සිර දඬුවම්.
කැකිරාව පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙකුට බරපතල වැඩ සහිත වසර 4ක සිර දඬුවම්.
2017.10.25 දින රාජ්‍ය බැංකුවට අනුබද්ධිත රක්ෂණ ආයතනයක තාවකාලික තක්සේරුකරුවකු විසින් රිය අනතුරකට ලක් වූ පෞද්ගලික බස් රථයක රක්ෂණ වන්දි මුදල් ලබා ගැනීම සඳහා අවශ්‍ය තක්සේරු වාර්තාව සකස් කර දීමට රු.5000/= ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
2017 වර්ෂයේ ඡන්ද හිමි නාම ලේඛණයට නම ඇතුලත් කිරීමට හා ජාතික හැඳුනුම්පත සකස්කර ගැනීමට අවශ්‍ය කටයුතු කර දීම සදහා 2017.10.23 දින තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ග්‍රාම නිලධාරීවරයකු සහ ඔහුට සහය දෙන තවත් සිවිල් පුද්ගලයකු විසින් රු.25,000/= ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එයින් රු.5000/= ක මුදලක් ලබා ගන්නා අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
ගොවිජන සංවර්ධන නිලධාරියෙකුට හා රාජ්‍ය කළමනාකරණ සහකාර වරයෙකුට වසර 5ක බරපතල වැඩ සහිත සිර දඬුවම්.
2017.10.12 දින දිස්ත්‍රික් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයක් වෙත ලැබී ඇති කුඩා ලොරි රථයක අංක තහඩු ලබා දීමට අවශ්‍ය කටයුතු කර දීම සදහා එම කාර්යාලයේ කාර්යාල කාර්ය සහායක වරියක විසින් රු.1000/= ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
2017.10.11 දින පැමිණිලිකරු විසින් මඩුල්ල ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලයට අයත් මාර්ගයක් සංවර්ධනය කිරීම සදහා එකී ප්‍රදේශයේ ගොවි සංවිධානය හරහා ලබා ගත් කොන්ත්‍රාත්තුවේ වැඩ නිමා කර කොන්ත්‍රාත් මුදල ලබා ගැනීමට බිල්පත් සකස්කර කොන්ත්‍රාත් මුදල ලබා දීමට අවශ්‍ය නිර්දේශය ලබා දීම වෙනුවෙන් කොන්ත්‍රාත්තුවේ ඇස්තමේන්තු මුදලින් 3% වශයෙන් රු.15,000/= ද බිල්පත් සකස් කිරීමේ ගාස්තු වශයෙන් රු.3000/= ක් ඇතුළුව රු.18,000/= ක මුදලක් එම කාර්යාලයේ කාර්මික නිලධාරියා විසින් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව


අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
A 36, මලලසේකර මාවත,
කොළඹ 07, ශ්‍රී ලංකාව.
T+94 112 596360 / 1954