පැමිණිලිකරු වසර දහයක් පැරණි වාහන දෙකක් නිත්‍යානුකූලව ජපානයෙන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ආනයන අපනයන දෙපාර්තමේන්තුවේ නිර්දේශය ලබාදීම වෙනුවෙන් ආනයන අපනයන පාලක නිලධාරියෙකු විසින් රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබානොදුන හොත් නිර්දේශකර දුන් බලපත්‍රය අවලංගු කරන බව පවසා, එම රුපියල් ලක්ෂ දෙකක මුදල 2018.07.20 වන දින ඉල්ලා ලබා ගත අවස්ථාවේදී,අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.




දූෂණයට එරෙහි UNODC ජාත්‍යන්තර වැඩසටහන්හි මධ්‍යකාලින ප්‍රගතිය ඇගයීමේ ස්වාධීන ඇගයුම්කාරිනියක වන ඇබිගෙල් හැන්සන්ගේ මෙරට සංචාරයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනාරාල් 2018 ජුලි මස 19 (වන අද) දින හමු විය. ඇය ජුලි මස 19වන දින සිට 20වන දින දක්වා අනෙකුත් ජාතික දූෂණ විරෝධී ක්රියාකාරිකයන් හමුවීමටද නියමිතය.
හොදම වෙබ් අඩවිය 2018 තේරීමේ තරඟය පසුගිය දා පැවැත්විණි .මෙම තරඟාවලිය LK Domain Registry ආයතනය මගින් 8 වන වරටත් මෙවර සංවිධානය කරනු ලැබීය.
පෞද්ගලික අංශය හා රාජ්‍ය තාන්ති‍්‍රක නිලධාරින්ගේ සහභාගිත්වයෙන් ජාතික උපදේශනය සමුළුව ජුලි මස 03 වන දින මූවන්පික් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සදහා රාජ්‍ය තාන්ති‍්‍රක නිලධාරින්ගේ නියෝජිතයන් හා විවිධ සමාගම් වල උසස් නිලධාරීන් සහභාගි විය.


