ගාල්ල මහමෝදර රෝහලේ සුළු සේවකයින් දෙදෙනෙකුට එක් වරදකට වසර 4 බැගින් වසර 8කට ලිහිල් සිරදඬුවම් හා දඩ.
එවකට සිටි ක්‍රීඩා අමාත්‍යවරයා වූ මහින්දානන්ද අලුත්ගමගේ සහ එවකට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගබඩා භාරකරු වූ නිශාන්ත ගුණසේකර යන අයට එරෙහිව කොළොඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබු නඩු අංක 59720/01/16 දරණ නඩුව තාක්ෂණික දෝෂයක් මත 2018.01.19 දින ඉල්ලා අස්කර ගන්නා ලද අතර එදිනම පෙර කරන ලද විමර්ශනය මතම හිටපු ක්‍රීඩා අමාත්‍යවරයකු වූ මහින්දානන්ද අලුත්ගමගේ සහ සතොස සභාපති ව සිටි නලීන් රුවන්ජීව ප්‍රනාන්දු යන යෝජිත සැකකරුවන්ට විරුද්ධව අංක B/87776/18 යටතේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් විසින් අධිකරණයට කරුණු වාර්තා කරන ලදී.තවද නලීන් රුවන්ජීව ප්‍රනාන්දු යන යෝජිත දෙවන සැකකරුට අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාව වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කරන ලදී.
සී/ස ලංකා විදුලි පෞද්ගලික සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය ඇතුළු සේවකයින් කිහිප දෙනෙක් විසින් කරනු ලැබ ඇති මුල්‍ය වැරදි සමුහයක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වා ගෙන ගිය පරීක්ෂණයකට අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයකු හා දැනට අභියාචනාධිකරණ විනිසුරුවරයකු වන අබ්දුල් හමීඩ් මොහොමඩ් දිලිප් නවාස් , හිටපු නීතිපති හා හිටපු අගවිනිසුරු පීටර් මොහාන් මෛත්‍රී පීරිස් සහ හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් මහවිදානලාගේ මුනිදාස චාර්ල්ස් ෆර්ඩිනැන්ඩු යන අයවලුන්ට විරුද්ධව අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනුකරන ලදී.
2018.01.17 දින අක්කරපත්තුව - මඩකලපුව මාර්ගයේ ධාවනය කරන පුද්ගලික බස්රථයකින් එක් ගමන් වාරයක් සඳහා කල්මුණේ බස් නැවතුම්පලේදී වෙලාව සටහන් කර නියමිත වාරය පැමිණෙන තෙක් බස් රථය නතර කර තබා ගැනීමට හා මෙම බස් රථය ඉදිරියෙන් ධාවනය වන බස් රථ වලින් හිරිහැරයක් නොවන පරිදි ධාවනය කිරීමට අවශ්‍ය කටයුතු සලසා දීම වෙනුවෙන් නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට අනුයුක්ත වේලා සටහන් කරුවකු රු100ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගන්නා අවස්ථාවේදී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. එදිනම ඔහු අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
ගැමියෙකුගේ දැව ප්‍රවාහනය සඳහා අවශ්‍ය බලපත්‍රයට අවශ්‍ය නිර්දේශ ලබා දීම උදෙසා රු.2500 ක් මෙම වන නිලධාරියා ඉල්ලා ඇත. පසුව රු.500 ක මුදලක් ලබා ගැනීමෙන් අනතුරුව එම ගැමියා අල්ලස් කොමිසමට පැමිණිලි කර ඇත.
මීගහවත්ත පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිට රු 134,000 ක අල්ලස් මුදලක් දුන් තැනැත්තෙක් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අද දින අත්අඩංගුවට ගන්න ලදී.
2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනිමේ පනතේ ප්‍රතිපාදනයන්ද සැලකිල්ලට ගෙන අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව නිල වෙබ් අඩවිය වර්ෂ 2017 ක් වු දෙසැම්බර් මස 20 වන දින , එනම් අද දින ජනගත කරන ලදි.මෙම උත්කර්ශවත් අවස්ථාව සදහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ගරු සභාපති ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු ටී.බී වීරසුරිය මැතිතුමා, ගරු කොමසාරිස් අභියාචනාධිකරණ විනිසුරු ඩබ්ලිව්. ලාල් රංජිත් ද සිල්වා මැතිතුමා, ගරු කොමසාරිස් නෙවිල් ගුරුගේ මැතිතුමා සහ අධ්යක්ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතාගේද, සිවිල් සංවිධාන හා මාධ්‍ය ආයතන රැුසකගේ සහභාගීත්වය දක්නට ලැබුණි.
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව, 2009 සිට 2014 වසර දක්වා කාලය තුළ උපයාගත් ආදායම ඉක්මවා රුපියල් මිලියන 50ක් වියදම් කිරීම හේතුවෙන් එකී මුදල අල්ලස් මගින් අත්පත් කරගත් දේපළ බවට පූර්ව නිගමනය අනුව අල්ලස් පනතේ 23(අ) වගන්තිය යටතේ මහාධිකරණයේ අධි චෝදනා 2017 නොවැම්බර් 30 වන දින ගොනු කරන ලදී.
රු.3000.00 ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් පොල්ගහවෙල පොලිස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් විසින් 2017.12.14 වන දින අත්අඩංගුවට ගනු ලැබින.
මෙම වසරේ ජාත්‍යන්තර දූෂණ විරෝධී දින සැමරුම් උළෙල 2017 දෙසැම්බර් 09 වන දින පෙ.ව 9.00 සිට ප.ව 12.30 දක්වා කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ ග්‍රෑන්ඩ් මාර්කි ශාලාවේදී කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල සිවිල් සමාජ ක්‍රියාකාරීන් 150කගේ හා රජයේ සේවයට අනුගත වීමට නියමිත රාජ්‍ය නිළධාරීන් පුහුණු කිරීමේ අධ්‍යයන ආයතනයන්හි ශිෂ්‍ය නිළධාරීන් 100ක් හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේනිළධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව


අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
A 36, මලලසේකර මාවත,
කොළඹ 07, ශ්‍රී ලංකාව.
T+94 112 596360 / 1954