සුසැදි දෙසට හැරෙමු !
நேர்மையானதும் ஊழலற்றதுமானதேசத்தைநோக்கி !
Towards a Clean and Upright Country !
ජාතික ක්‍රියාකාරී සැලැස්ම
කොමිසම
අල්ලස් පනත සහ 1975 අංක 01 දරණ වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ පනත යටතේ වැරදි සම්බන්ධයෙන් නඩු පවරන ලෙස විධානය කිරීම සදහා ස්ථිර අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවක් පිහිටුවීම සඳහා 1994 අංක 19 දරණ පනතින් මෙම කොම්ෂන් සභාව පිහිටුවන ලදී.
නවතම පුවත් හා පුවත්පත් නිවේදන
අල්ලස් ලබාගැනීම පිළිබඳ වරදකරුවෙකු වූ සුරාබදු නිලධාරියාගේ අභියාචනය ප්‍රතික්ෂේප කෙරේ
10-11-2024 පුවත්
තංගල්ල සුරාබදු කාර්යාලයට අනුයුක්තව කටයුතු කල නිලධාරියකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධිකරණය හමුවේ අල්ලස් නඩුවක් පවරා තිබු අතර, එසේ නඩු පවරා ඇත්තේ අදාළ පැමිණිලිකාරියගෙන් ඇගේ සැමියාට එරෙහිව නීති මගින් කටයුතු නොකිරීමට...
තවදුරටත් කියවන්නරිය අනතුරකට අදාළව ඇප ලබාගැනීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ තෝල්කයාට සහ ගරු මහේස්ත්‍රාත්තුමාට ලබා දීමට යැයි අල්ලස් ලබාගත් සැකකරු වරද පිළිගනී
10-11-2024 පුවත්
චූදිත ගම්පහ, වෑබඩ ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර, මොහු අධිකරණය මඟහැර පලාගොස් සිටි හෙයින් කොළඹ මහාධිකරණයේ චූදිත නොමැතිව නඩුව විභාගයට ගෙන තිබිය දී, වරෙන්තුව ක්‍රියාත්මක කිරීමට හැකිව අත්අඩංගුවට පත් විය.
තවදුරටත් කියවන්නරු. 150,000/- ක (එක්ලක්‍ෂ පනස්දහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත්, රාගම ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනියක් අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
10-11-2024 හඳුනා ගැනීම් හා වැටලීම්
රාගම, මත්තුමගල ප්‍රදේශයේ කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව 2025 වර්ෂයේ දී පළමු ශ්‍රේණියට පැමිණිලිකාරියගේ දරුවා ඇතුලත්කර ගැනීම සඳහා රුපියල් 150,000/- ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගත් රාගම ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක විදුහල්පතිනියක් 2024.11.07 වන...
තවදුරටත් කියවන්නරුපියල් මිලියන 150 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, එය රුපියල් මිලියන 125ට අඩු කර එකී මුදල ලබාගැනීමේ චෝදනාවට වරදකරුවන් වූ ශ්‍රී ලංකා රේගුවේ හිටපු රේගු අධිකාරීන් තිදෙනෙකුට සහ සහකාර රේගු අධිකාරිවරයෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරන ලද නඩුවේ දී කොළඹ…
07-11-2024 පුවත්
රුපියල් මිලියන 150 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, එය රුපියල් මිලියන 125ට අඩු කර එකී මුදල ලබාගැනීමේ චෝදනාවට වරදකරුවන් වූ ශ්‍රී ලංකා රේගුවේ හිටපු රේගු අධිකාරීන් තිදෙනෙකුට සහ සහකාර රේගු අධිකාරිවරයෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින්...
තවදුරටත් කියවන්නසුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා උඩපළාත ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් දැනුවත් කිරීම සඳහා නිවාරණ වැඩසටහන - 2024
30-10-2024 නිවාරණ පුවත්
අල්ලස හා දූෂණය තුරන් කරමින් සුපිළිපන් රාජ්‍ය සේවයක් බිහි කිරීම උදෙසා තම ආයතනයේ නිලධාරීන් දැනුවත් කිරීමේ අරමුණින් උඩපළාත ප්‍රාදේශීය සභාව විසින් නිවාරණ වැඩසටහනක්, 2024 ඔක්තෝම්බර් මස 23 වන දින උඩපළාත ප්‍රාදේශීය සභා ආයතන පරිශ්‍රය තුළ...
තවදුරටත් කියවන්නබෞද්ධ කටයුතු දෙපාර්තමේන්තු නිලධාරීන් සඳහා පවත්වනු ලැබූ නිවාරණ වැඩසටහන
28-10-2024 නිවාරණ පුවත්
ශ්‍රී ලංකාවෙන් අල්ලස හා දූෂණය තුරන් කර සුපිළිපන්න ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ පරමාර්ථය යථාර්ථයක් කරලීමේ අරමුණ ඇතිව තවත් සුවිශේෂී නිවාරණ වැඩසටහනක් පසුගිය ඔක්තෝබර් මස 20 වන දින පොල්ගොල්ල ජාතික සමූපකාර සංවර්ධන ආයතනයේ දී පවත්වන ලදි...
තවදුරටත් කියවන්නරුපියල් 20,000/= ක (විසිදහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත්, ගම්පොළ ප්‍රදේශයේ, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
25-10-2024 හඳුනා ගැනීම් හා වැටලීම්
ගම්පොළ, ඉල්ලවතුර ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරු සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සිදු කරන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබා දීමට අල්ලස් කොමිසම වෙත 2024.10.25 වන දින යාම සඳහා රථයට ඉන්ධන ලබාගැනීමට හා මග වියදම් ලෙස...
තවදුරටත් කියවන්නඅල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ සුපිලිපන් අධ්‍යාපන වැඩසටහනක් පවත්වයි
24-10-2024 නිවාරණ පුවත්
දූෂණය මැඩලීම වෙනුවෙන් වූ දිගු කාලීන සටන සවිමත් කිරීමේ දී ළමා හා තරුණ පරපුර ඉලක්ක කරමින් සුපිලිපන් අධ්‍යාපනය ඉහළ නැංවීම අතිශය වැදගත් සාධක වන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හඳුනා ගෙන...
තවදුරටත් කියවන්නඅනුරාධපුර - කහටගස්දිගිලිය, කෝන් වැව සිද්ධාර්ථ විද්‍යාලයීය සිසු සිසුවියන් සඳහා නිවාරණ වැඩමුළුවක් පවත්වන ලදී
21-10-2024 නිවාරණ පුවත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආරාධනයෙන්, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව(CIABOC) එක්ව සංවිධානය කරන ලද අල්ලසින් තොර සුපිළිපන් පරපුරක් බිහි කිරීම උදෙසා පාසල් ප්‍රජාව දැනුවත් කිරීමේ පුහුණු වැඩමුළුවක් 2024 ඔක්තෝම්බර් මස 10 වන දින අනුරාධපුර...
තවදුරටත් කියවන්නඋතුරු මැද හා වයඹ පළාත් කම්කරු නිලධාරින් සඳහා වන දුෂණ නිවාරණ වැඩසටහන
16-10-2024 පුවත්
2024 ඔක්තෝම්බර් මස 05වන දින, කුරුණෑගල ‘මහගෙදර’ රජයේ සම්මන්ත්‍රණ ශාලාවේ දී උතුරු මැද හා වයඹ පළාත් කම්කරු නිලධාරීන් 52 දෙනෙකු සඳහා අල්ලස් හා දූෂණ නිවාරණ වැඩසටහනක් පවත්වන ලදී. මෙම වැඩසටහන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා...
තවදුරටත් කියවන්නරුපියල් 200,000/= ක (ලක්ෂ දෙකක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත්, නැගෙනහිර පළාත්, පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
16-10-2024 හඳුනා ගැනීම් හා වැටලීම්
මඩකලපුව, චෙන්කල්අඩි ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරු මඩකලපුව සතුරුකොන්ඩාන් ප්‍රදේශයේ පර්චස් 65ක ඉඩමක් රුපියල් කෝටියකට මිල දී ගැනීමෙන් පසුව එහි මුද්දර ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ 06ක් ගෙවූ පසු නැවත පළාත් ආදායම් කාර්යාලය...
තවදුරටත් කියවන්න“අඩිතාලම” - අපේ සුසැදි දෙස අපි ගොඩනංවමු” ලෝක ළමා දින සැමරුම
15-10-2024 පුවත්
ඔක්තෝබර් මස 01 වන දිනට යෙදෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් මෙවර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් 2024 ඔක්තෝබර් මස 01 වන දින සුහද විවාදයක් සංවිධානය කරනු ලැබීය. අල්ලස හා දූෂණය තුරන් කරමින්...
තවදුරටත් කියවන්නඅධිකරණ නියෝග මත ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී ව්‍යාජ ක්‍රම මඟින් ලියාපදිංචි වූ මිට්ෂුබිසි වර්ගයේ ජිප් රථයක් ශ්‍රී ලංකා රේගුව භාරයට
15-10-2024 හඳුනා ගැනීම් හා වැටලීම්
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකය වෙත ලද තොරතුරක් මත ශ්‍රි ලංකා රේගුවේ නිෂ්කාශනය නොවු වාහන සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනය මගින් භාරයට ගන්නා ලද මිට්ෂුබිසි ජිප් රථයක් අධිකරණ...
තවදුරටත් කියවන්නඅල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ පුරප්පාඩු වූ අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ කාර්යය හෝ කර්තව්‍යය ඉටු කිරීමේ වගකීම පවරා දීම
10-10-2024 පුවත්
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 25 (2) වගන්තිය ප්‍රකාරව 2024.10.07 වන දින පුරප්පාඩු වී ඇති කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරය සඳහා මාස 03ක කාලයක් ඇතුළත නව පත්කීරීමක් සිදු කරන තෙක් ගරු ජනාධිපතිතුමන් විසින්...
තවදුරටත් කියවන්නබස් රථ තුනක් සඳහා පරම අයිතිය වෙනස් කර පවරාගැනීමේ කටයුතු සඳහා අල්ලස් ඉල්ලා ලබාගත්, මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය මෝටර් රථ කොමසාරිස්වරයෙකු, සංවර්ධන සහකාරවරයෙකු සහ තැරැව්කරුවෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට. පොල්ගහවෙල පදිංචි ව්‍යාපාරිකයෙකු විසි
07-10-2024 පුවත්
බස් රථ තුනක් සඳහා පරම අයිතිය වෙනස් කර පවරාගැනීමේ කටයුතු සඳහා අල්ලස් ඉල්ලා ලබාගත්, මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය මෝටර් රථ කොමසාරිස්වරයෙකු, සංවර්ධන සහකාරවරයෙකු සහ තැරැව්කරුවෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට.
තවදුරටත් කියවන්නමිට්ෂුබිසි වර්ගයේ ජීප් රථයක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමට ලබාදුන් අධිකරණ නියෝගය කඩ කළ බදුල්ල, නෙළුම්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට එරෙහිව නිකුත් කර ඇති වරෙන්තු ක්‍රියාත්මක කෙරේ
07-10-2024 පුවත්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ලද තොරතුරකට අනුව රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකය මගින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාලව අනීතිකව ලංකාවට රැගෙන විත් රජයට අය විය යුතු බදු මුදල් අහිමි කරමින් මෝටර්...
තවදුරටත් කියවන්නනව දූෂණ විරෝධී පනත මගින් පැවරුණු බලතල අනුව, ලිංගික අල්ලස් අයැදීමේ චෝදනාව මත, පොලිස් ස්ථානාධිපතිවරයෙකුට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීම
05-10-2024 පුවත්
කොමිෂන් සභාවට ලද පැමිණිල්ලක් ප්‍රකාරව වනාතවිල්ලුව පොලිස්ථානයේ, හිටපු ස්ථානාධිපතිවරයෙකු වන ලියන පතිරැන්නැහැලාගේ නාලින්ද උපුල් පතිරත්න යන අයට එරෙහිව ලිංගික අල්ලස් ඉල්ලීමේ චෝදනාව මත, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් 2024 ඔක්තෝබර් මස 01...
තවදුරටත් කියවන්නඅල්ලස් පනතේ 70 වන වගන්තිය ප්‍රකාරව රජයට පාඩුවක් සිදුකරමින් දූෂණයක් සිදුකිරීමේ චෝදනාව මත, ජීව වෛද්‍ය ඉංජිනේරු ඒකකයේ, ජීව වෛද්‍ය ඉංජිනේරුවරයෙකුට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීම
04-10-2024 පුවත්
කොමිෂන් සභාවට ලද පැමිණිල්ලක් ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශල්‍යාගාර ලාම්පු 35 ක් මිළදී ගැනීමේ ටෙන්ඩරයේ සිදු වූ දූෂණයක් පිළිබඳ විමර්ශන සිදුකරන ලදී.
තවදුරටත් කියවන්නරු. 3640/- ක් (තුන්දහස් හයසිය හතළිහ) වටිනා අරක්කු බෝතලයක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ සහ එම තුටු පඬුර ඉල්ලා ලබාගැනීමට ආධාර අනුබල ලබාගත් පොලිස් සැරයන්වරයෙකු සහ පිරිසිදු කිරීමේ කම්කරුවෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
30-09-2024 හඳුනා ගැනීම් හා වැටලීම්
පස්සර ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පැමිණිලිකරු බස්නාහිර පළාත (දකුණ) දිසා රථවාහන කොට්ඨාසයේ, බත්තරමුල්ල ඒකකයට අනුයුක්තව සිටිය දී රථවාහන සම්බන්ධයෙන් වැලිකඩ පොලිස් ස්ථානයේ විශේෂ රාජකාරියේ යෙදී සිටි කාලය තුළ සිදු කරන ලද බීමත්...
තවදුරටත් කියවන්නහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ රිට් අයදුම්පත අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කරයි
27-09-2024 පුවත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ යන අයට එරෙහිව වත්කම් විමර්ශනයක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ලක් විමර්ශනය කිරීමේ දී එයට එරෙහිව සැකකාර මන්ත්‍රීවරයා විසින් අභියාචනාධිකරණය වෙත යොමු කරන ලද රිට් අයදුම්පත...
තවදුරටත් කියවන්නරු. 2,000/- ක (දෙදහක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත්, පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
26-09-2024 හඳුනා ගැනීම් හා වැටලීම්
මඩකලපුව, කාන්චංකුඩා ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරු බලපත්‍ර නොමැතිව වැලි ගොඩ දැමීම හා ට්‍රැක්ටර් රථයෙන් වැලි ප්‍රවාහනය කිරීම සම්බන්ධව නීති මඟින් කටයුතු නොකර සිටීමට රු. 2000/- ක මුදලක් ඉල්ලා ලබාගැනීමෙන් අනතුරුව, තවදුරටත්...
තවදුරටත් කියවන්නරු. 5,000/- ක (පන්දහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත්, පොලිස් සැරයන්වරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
23-09-2024 හඳුනා ගැනීම් හා වැටලීම්
පොතුහැර, තලවත්තේගෙදර ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පැමිණිලිකරු රැකියාවකට යාමට පොලිස් වාර්තාවක් ඉල්ලුම් කළ පසු ඔහුට විරුද්ධව පොතුහැර පොලිස් ස්ථානයේ ලේඛන අනූව නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය සම්බන්ධව ඇති නඩුවල විස්තර ඇතුලත් නොකර...
තවදුරටත් කියවන්නඅයථා වත්කම් රැස්කිරීමේ වරද යටතේ දේපළ තහනම් කිරීම
23-09-2024 පුවත්
හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව සිදුකරනු ලබන විමර්ශන කටයුතු වලට අදාලව ඔහුගේ පුත්‍රයාගේ නමට පවතින කොළඹ 07, ධර්මපාල මාවතේ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක පිහිටි නිවාස ඒ්කක 02 ක් 2024.09.13 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන...
තවදුරටත් කියවන්නඅල්ලස් පිරිනැමීමට තැත් කිරීමේ වරදට සිවිල් පුද්ගලයෙකුට වසර 02ක බරපතල වැඩ සහිත දඬුවම්
23-09-2024 වරදකරු කිරීම
නීති විරෝධී පස් කැපීමකට අදාළව බැඳිගම, දකුණ ප්‍රදේශයේ දී සිදු කරන ලද වැටලීමක දී, අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් සහ නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කර නීති මඟින් කටයුතු නොකිරීම සඳහා පන්නිපිටිය, රුක්මලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ චූදිත...
තවදුරටත් කියවන්න