කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා අල්ලස හා දූෂණ නිවාරණය සම්බන්ධ වැඩසටහනක්, කම්කරු දෙපාර්තමේන්තුවේ ආරාධනයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හා එක්ව පවත්වනු ලැබීය. එම වැඩසටහන පසුගිය 2025-03-21 වන දින කම්කරු දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු අතර, එයට නිලධාරීන් 150 කට ආසනනව සහභාගී විය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ අංශයේ දූෂණ නිවාරණ නිලධාරි විමුක්ති ජයසූරිය මහත්මිය සහ දූෂණ නිවාරණ නිලධාරි මධූකා රුවන්ති මහත්මිය මේ සඳහා සම්පත්දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන තුලින් අල්ලස දූෂණය වැලැක්වීම හා එහි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් ද, ඒ පිළිබඳව ඔවුනට පවතින ගැටළු හා සුපිළිපන්නභාවය යන සංකල්පය පිළිබඳවත්, නව දූෂණ විරෝධී පනත පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලදී.