SLT Mobitel PLC හි නිලධාරීන් සදහා අල්ලස හා දූෂණ නිවාරණය සම්බන්ධ වැඩසටහන් මාලාවක්, එම ආයතනය හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හා එක්ව පවත්වනු ලැබිය. එහි තවත් එක් වැඩසටහනක් පසුගිය 2025 මාර්තු මස 04 වන දින SLT Mobitel ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතරම එයට නිලධාරීන් 106 ක් සහභාගි විය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරි විමුක්ති ජයසූරිය මහත්මිය දූෂණ නිවාරණ නිලධාරි එරංගා මධූෂි මේ සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලදී . මේ තුලින් අල්ලස දූෂණය වැලැක්වීම හා එහි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් ද, ඒ පිළිබඳව ඔවුනට පවතින ගැටළු හා සුපිළිපන්නභාවය යන සංකල්පය පිළිබඳවත්, නව දූෂණ විරෝධී පනතෙහි නව විධිවිධාන පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලදී.