ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සදහා අල්ලස හා දූෂණ නිවාරණ වැඩසටහන

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සඳහා අල්ලස හා දූෂණ නිවාරණය සම්බන්ධ වැඩසටහනක්, ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ ආරාධනයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හා එක්ව පවත්වනු ලැබිය. මෙම වැඩසටහන පසුගිය 2025-03-18 වන දින ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ, පිළියන්දල පුහුණු මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු අතර, එයට නිලධාරීන් 80 කට ආසන්නව සහභාගී විය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ අංශයේ දූෂණ නිවාරණ නිලධාරි සම්පත් ආරච්චිගේ මහතා සහ දූෂණ නිවාරණ නිලධාරි මධූකා රුවන්ති මහත්මිය මේ සඳහා සම්පත්දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන තුලින් අල්ලස දූෂණය වැලැක්වීම හා එහි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් ද, ඒ පිළිබඳව ඔවුනට පවතින ගැටළු හා සුපිළිපන්නභාවය යන සංකල්පය පිළිබඳවත්, නව දූෂණ විරෝධී පනත පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලදී.

36 1

36 1

36 1

36 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search