ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සඳහා පවත්වනු ලබන නිවාරණ වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් 2025 මාර්තු මස 20 වන දින පිළියන්දල පුහුණු මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. මෙම වැඩසටහන තුලින් සුපිළිපන්නභාවය යන සංකල්පය, රාජ්‍ය නිලධාරියාගේ කාර්යක්ෂමතාවය ,සඵලදායී බව සහ රාජ්‍ය නිලධාරියාගේ වගකීම, වගවීම පිළිබඳවත්, 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත පිළිබඳවත්, අල්ලස දූෂණය හා අයතා වත්කම් රැස් කිරීමට අදාළ නව නීතිමය විධිවිධාන හා ඒ සම්බන්ධයෙන් ඔවුනට පවතින ගැටළු පිළිබඳවත්, අල්ලස හා දූෂණය වැලැක්වීම හා එහි ප්‍රතිවිපාක දැනුවත් කිරීම සිදු කරන ලදී.
මෙම වැඩසටහන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරි සම්පත් ආරච්චිගේ මහතා සහ මධුකා රුවන්ති මහත්මිය සම්පත්දායකත්වය ලබා දෙන ලදී.