අල්ලස් ගත් පොලිස් නිලධාරියාට වසර 4ක බරපතල වැඩ සහිත සිර දඩුවම්

යතුරු පැදිකරුවකුගෙන් රු.3000ක අල්ලසක් ඉල්ලු පොලිස් නිලධාරියෙකුට වසර 4ක බරපතල වැඩ සහිත සිර දඩුවම් හා රු.20,000ක දඩයක් නියම කෙරුණි. චූදිත පොලිස් නිලධාරියා ගිරාදුරුකෝට්ටේ පොලීසියට අනුයුක්තව සේවය කරමින් සිටියදී වයස අවුරුදු 6ක දරුවකු අනතුරකට භාජනය කළ යතුරුපැදිකරුවකුගෙන් රු.3000ක අල්ලසක් ඉල්ලා ඇත. අල්ලස නොගෙවන්නේ නම් යතුරුපැදිකරුට විරුද්ධව පියවර ගන්නා බවට මෙම පොලිස් නිලධාරියා විසින් පවසා ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කෙටි දුරකථන අංක 1954 ට මෙම යතුරුපැදිකරුගෙන් ලැබුණු තොරතුරකට අනුව අල්ලස් කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් සිදුකළ වැටලීමකදී මෙම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත. මෙම අල්ලස් මුදලේ වටිනාකම ගැන නොතකා අනීතික ක්‍රියාවේ බරපතලකම ගැන සලකා බලමින් හා රටෙහි ප්‍ර‍වාහන පද්ධතියේ ආරක්ෂාව සම්බන්ධ වගකීම දරමින් රථවාහන හසුරුවනු ලබන අනෙක් නිලධාරින්ටත් ආදර්ශයක් වන පරිදි මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස නඩු විභාගයේදී අල්ලස් කොමිෂන් සභාව වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරිය ඉල්ලා ඇත. අල්ලස සමාජය පුරා පැතිරි ඇති පිළිකාවක් වන අතර එය සුව කළ යුතුව ඇති බව තීන්දුව ලබා දෙමින් මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා කියා සිටියේය. මෙම වැටලීම අධ්‍යක්ෂ විමර්ශන ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍ර‍සිරි මහතාගේ මගපෙන්වීම යටතේ පොලිස් පරික්ෂක අබේසිංහ මහතා විසින් සිදුකළ අතර නඩුව මෙහෙයවීම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතාගේ මගපෙන්වීම යටතේ සහකාර අධ්‍යක්ෂ (නීති), මනෝධි හේවාවසම් මහත්මිය විසින් සිදුකරන ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search