මස්කෙළිය පශු වෛද්‍ය කාර්යාලයට අනුයුක්තව සත්ව සංවර්ධන උපදේශකවරයෙක් සේවය කළ තැනැත්තෙක් රු.5000ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ වරද නිසා කොළඹ මහාධිකරණය විසින් ඒ තැනැත්තාව වරදකරු කර ඇත.
ඒ අනූව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් චූදිත තැනැත්තාට බරපතල වැඩ ඇතිව අවුරුදු 3 ක සිර දඬුවම් සහ රු.5000/- ක දඩ මුදලක් නියම කර ඇත.
පැමිණිලිකරු ගොවියෙකු වන අතර පැමිණිලිකරුගේ ගවයින් ප්‍රවාහනයට අවශ්‍ය කටයුතු කර දීම සඳහා චූදිත තැනැත්තා විසින් පැමිණිලිකරුගෙන් රු.5000ක මුදලක් අල්ලස් අයැද ඇත. ඒ අනූව පැමිණිලිකරු මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමෙන් අනතුරුව අල්ලස් කොමිසම් සභාවේ විමර්ශන නිලධාරීන් වැටලීමක් සංවිධානය කර ඇත. ඒ අනූව චූදිත විසින් පැමිණිලිකරුගෙන් අල්ලස් මුදල් ලබා ගන්නා අවස්ථාවේදී අල්ලස් කොමිසන් සභාවේ නිලධාරීන් චූදිත තැනැත්තාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
චූදිත තැනැත්තා වෙනුවෙන් පශු වෛද්‍ය නිලධාරීන් විසින්ද සාක්ෂි ලබා දෙන ලද බව කිව යුතුය.
පැමිණිල්ල මෙහෙය වූ නීතිඥවරිය- එස්.ඒ.භක්ති චේතනා ( සහකාර අධ්යක්ෂ-නීති)
විමර්ශන නිලධාරීන් - උ. පො. ප. ලිවේරා ඩග්ලස් , උ.පො.ප අජිත් කුමාර