අල්ලස් ලබා ගැනීමේ වරද හේතුවෙන් පොලිස් සැරයන් වරයෙකුට වසර 8ක සිර දඬුවම්

ගොකරැල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව පොලිස් සැරයන් වරයෙකු ලෙස සේවය කළ තැනැත්තෙක් රු.5000ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ වරද නිසා අල්ලස් කොමිසම් සභාව විසින් චෝදනා 4 ක් යටතේ ගොනු කරන ලද අධි චෝදනා පත්‍රයේ සියලු චෝදනා සඳහා  ඒ තැනැත්තාව කොළඹ මහාධිකරණය විසින් වරදකරු කර ඇත.


මෙහිදී කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් චූදිත තැනැත්තාට එක් එක් චෝදනාව සදහා වසර 2 බැගින් වසර 8ක බරපතල වැඩ ඇතිව සිර දඬුවම් එකවිට ගෙවීයන පරිදි නියම කරන ලදි. තවද එක් චෝදනාවක් සඳහා රු.3000/- ක  දඩ මුදලක් සහ අල්ලස් වශයෙන් ලබා ගත් රු.5000/- ක මුදල දණ්ඩනයක් වශයෙන් ගෙවන ලෙසද නියම කරන ලදි.
පැමිණිලිකරු වෘත්තියෙන් රියදුරෙකු වන අතර පොලිස් අත්අඩංගුවට පත්ව සිටි පැමිණිලිකරුගේ යහළුවන් දෙදෙනෙකුට ඇප ලබාදීමට විරුද්ධ නොවී සිටීම සඳහා චූදිත තැනැත්තා විසින් පැමිණිලිකරුගෙන් රු.5000/- ක මුදලක් අල්ලස් වශයෙන් අයැද ඇත. පැමිණිලිකරු මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමෙන් අනතුරුව අල්ලස් කොමිසම් සභාවේ විමර්ශන නිලධාරීන් වැටලීමක් සංවිධානය කර ඇත. ඒ අනූව චූදිත විසින් පැමිණිලිකරුගෙන් අල්ලස් මුදල් ලබා ගන්නා අවස්ථාවේදී අල්ලස් කොමිසන් සභාවේ නිලධාරීන් චූදිත තැනැත්තාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.


පැමිණිල්ල මෙහෙය වූ නීතිඥවරියන් -        බී.ආර්.ඒ.ජයසිංහ (සහකාර අධ්‍යක්ෂ-නීති) සහ    බී.ඩබ්.එම්. උදාරි එම්. කුමාරිහාමි (සහකාර අධ්‍යක්ෂ- නීති)
විමර්ශන නිලධාරීන්                           - පො. ප. අබේසිංහ, උ.පො.ප සමන් ප්‍රසන්න  

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search