රුපියල් 10,000/= ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් වැලිවේරිය පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයෙකු අත්අඩංගුවට

වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකුගෙන් ලද පැමිණිල්ලකට අනුව රුපියල් 10,000/= ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත වැලිවේරිය පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු 2021.03.29 වන දින වැලිවේරිය පොලිස් ස්ථානයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබින.

පැමිණිලිකරුට විරුද්ධව වැලිවේරිය පොලිස් ස්ථානයේ ලොරි රථ ආරවුලක් සම්බන්ධව කර ඇති පැමිණිල්ලකට නීත්‍යානුකූලව කටයුතු නොකර සිටීම සඳහා
රු.10,000/= ක මුදල අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේදී සැකකරු මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954