හම්බේගමුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන ලද පොලිස් සැරයන්වරයෙකුට හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අධිචෝදනා ගොනුකරනු ලැබීය.
එම පෙදෙසේ ගම් වැසියන් කිහිප දෙනෙකුගෙන් රු.20,000ක් අයද ඉල්ලා ලබාගත් බවට මෙම පොලිස් සාජන්වරයාට එරෙහිව චෝදනා එල්ල විය. අදාල ගම්වැසියන් විසින් සිදුකරන ලද නීති විරෝධී මැණික් පතල් කැණීම්වලට එරෙහිව කටයුතු නොකර සිටීම සඳහා මෙම මුදල් අයදීම හා ලබාගැනීම සිදුවී තිබේ.
මෙම ක්රියාවට අනුබල දීම හා සහාය දැක්වීම අනෙක් කොස්තාපල්වරුන් දෙදෙනාට එරෙහිව තිබූ චෝදනාවයි.