ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සේවය කරන නීති සහකාරවරයෙකුට හා තාක්‍ෂණ නිළධාරියෙකුට එරෙහිව 2019.07.11 දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අධිචෝදනා ගොනුකරන ලදී. පැමිණිලිකරු වන වලිමුණි දේවලයාලගේ සේන ආටිගල නමැත්තාගෙන් රු. 300,000/- ක් අයදීම හා ලබාගැනීම සම්බන්ධයෙන් එම නීති සහකාරවරයා (පළමු විත්තිකරු) වෙත චෝදනා එල්ල විය.
එම කාර්යය සඳහා පළමු විත්තිකරුට සහාය ලබාදීම හා වරදට පෙළඹවීම සම්බන්ධයෙන් ඉහත සඳහන් වූ තාක්ෂණ නිළධාරීට (දෙවන විතිතිකරු) එරෙහිව තිබූ චෝදනාවයි. 2018 මාර්තු 07 වන දින සිදුකරන ලද වැටලීමක ප්‍රතිඵලයක් ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඔවුන් දෙදෙනා අත්අංඟුවට ගන්නා ලදී.