හොරොව්පතාන පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තව්හිත් ජමාත් සංවිධානයේ සාමාජිකයකු යැයි සැක කරන පුද්ගලයකුට නඩු නොපවරා, නිදහස් කරදෙන ලෙස ඉල්ලීමක් කර හොරොව්පතාන පොලිස් ස්ථානාධිපති වරයාට රුපියල් ලක්ෂ 5ක අල්ලසක් දෙන බව පවසා ,ඉන් රු.250,000/- ක මුදලක් අල්ලස් වශයෙන් පිරිනමන ලද අවස්ථාවේදී, එම මුදල් පිරිනමන ලද පුද්ගලයකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.