අල්ලස් ගත් පොලිස් නිලධාරින් තිදෙනා සිරගත කෙරේ

රු.20,000/-ක අල්ලසක් ඉල්ලා ඉන් රු.10,000/- ගනු ලැබූ ගලෙන්බිඳුණුවැව පොලීසියට අනුයුක්තවී සිටි පොලිස් නිලධාරින් තිදෙනෙකු ගරු මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා විසින් වරදකරුවන් ලෙස තීන්දු කරන ලදී.

මෙය අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරින්ගේ වැටලීමකට අනුව සිදුවූ අධිකරණ ක්‍රියාවලියකි. නීති විරෝධි මත්පැන් සකස්කරන තැනැත්තෙකු වන පැමිණිලිකරුට එරෙහිව නීතිය මගින් ක්‍රියා නොකිරීමට චූදිතයන් විසින් අල්ලස් ඉල්ලා ඇත. මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්‍ෂ (නීති) තණුජා බණ්ඩාර මෙනවිය පෙන්වා දුන්නේ මෙම චූදිතයන්ගේ හැසිරීම ඔවුන්ගේම දරුවන්ටත් වැරදි ආදර්ශයක් වන බැවින් දැඩි දඩුවම් පැමිණවිය යුතු බවයි. මෙම තැනැත්තන් විසින් සමස්ථ සමාජයේම විශ්වාසය බිඳ දමා ඇති බව ඇය තව දුරටත් පවසන ලදී. රාජ්‍ය සේවයේ සුපිළිපන්නතාව ආරක්‍ෂා කිරීමට හැකිවන පරිදි දඩුවම් පැමිණවිය යුතු බවද ප්‍ර‍කාශ කරන ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search