ස්ත්‍රී දූෂණ නඩුවක සැකකරුවකු රු.90000/- අල්ලස් මුදලක් පොලිස් නිලධාරියකු වෙත පිරිනැමීමට කටයුතු කරමින් සිටියදී අත්අඩංගුවට පත් වේ.

මෙසේ අත්අඩංගුවට පත්වූ පුද්ගලයා විසින් වැල්ලවාය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු වෙත මෙම අල්ලස් මුදල පිරිනැමීමට කටයුතු කර ඇත්තේ සිය රුධිර සාම්පලය වෙනස් කරගැනීම උදෙසාය.

ස්ත්‍රී දූෂණ නඩුවක සැකකරුවකු වන එම පුද්ගලයාගේ රුධිර සාම්පලය රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට නියමිතව තිබුණේ ඩීඑන්ඒ පරීක්ෂණයකින් දරු‍වකුගේ පීතෘත්වය තහවුරු කරගැනීම උදෙසා වේ.

මෙම සැකකරු තමන්ගේ රුධිර සාම්පලයක් අධිකරණ වෛද්‍යවරයා වෙත මින් පෙර ලබා දී තිබූ අතර එය පොලිසිය මගින් රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට නියමිතව තිබුණි.

එම රුධිර සාම්පලය වෙනුවට ආදේශකයක් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර ගැනීමේ කාර්යය සඳහා අල්ලස් මුදල පොලිස් නිලධාරියා වෙත පිරිනැමීමට කටයුතු කරමින් සිටියදී මෙම තැනැත්තාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වූයේ අද දින මොණරාගල  මහාධිකරණ භූමි පරිශ්‍රයේ දී ය.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search