රුපියල් 8000/= ක, අල්ලසක් ලබාගැනීම සම්බන්ධයෙන් මහබාගේ පොලිස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිව අත්අඩංගුවට ගැනීම

පැමිණිලිකරු ව්යා ජ කාර් රථයක් පරිහරණය කිරීම, ව්යානජ මුදල් හා සුදු හඳුන් කිලෝ 03 ක් ලග තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මහබාගේ පොලිස්ථානය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබූ කාර් රථය එහි අයිතිකරු වෙත නිදහස් කර දීමට අවශ්යු කටයුතු කරදීම සඳහා රුපියල් 10000/= ක මුදලක් ඉල්ලා ඉන් රුපියල් 2000/= ක් මීට ඉහතදී ලබාගෙන ඉතිරි රුපියල් 8000/= ක මුදල ලබාගත් අවස්ථාවේදී මහබාගේ පොලිස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති වශයෙන් කටයුතු කල උ.පො.ප. වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ බලයලත් විමර්ශන නිළධාරීන් විසින් 2018.03.05 වන දින අත් අඩංගුවට ගෙන ඇත.

 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search