අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් එහි අධ්‍යක්‍ෂ අනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා විසින් ජුලි මස 05 වැනි දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අතිගරු ජනාධිපතිතුමා අතින් රන් සම්මානය ලබා ගන්නා ලදී.2017 වසරේදී රජයේ ගිණුම් පිළිබඳ විශිෂ්ඨ භාවිතාව වෙනුවෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම සම්මානය දිනාගන්නා ලදී.
මෙම තෝරා ගැනීම සිදුකරන ලද්දේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාව මඟිනි.
ගරු කතානායක කරූ ජයසූරිය මහතාද මෙම උත්කර්ෂවත් අවස්ථාවට සහභාගී විය.