අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තුන්වැනි ස්ථානයට.

රජයේ මුදල් භාවිතයේ දී දක්වන ලද ප‍්‍රශස්තභාවය සැළකිල්ලට ගනිමින් රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් විමර්ශනය කරන ලද රජයේ විශේෂ වැයකිරීම් ඒකකය යටතේ වන ආයතන 838 ක් අතරින් අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාව තුන්වැනි තැන හිමිව තිබේ.

ලකුණු සීයෙන් සීයක් ලබාගෙන අග‍්‍රාමාත්‍ය කාර්යාලය මෙහි ප‍්‍රථම ස්ථානයටත් විගණකාධිපති දෙපාර්තමේන්තුව දෙවන ස්ථානයටත් අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාව තුන්වැනි ස්ථානයටත් පත්ව තිබේ.

රජයේ විශේෂ වියදම් ඒකක වන අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල, පළාත් සභා, පළාත් පාලන ආයතන මෙම ඇගයීමට ලක්ව ඇති අතර ඉන් ආයතන 109 ක් විශේෂ ඇගයීමට භාජනය වී තිබේ.

අමාත්‍යාංශ අතරින් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයත් දෙපාර්තමේන්තු අතරින් මහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවත් දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල අතරින් ගම්පහ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයත් මෙහි මුල්තැනට පත්ව තිබේ.

මෙම ආයතන සඳහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් අද දින ( ජුලි 5 , 2019) කොළඹ 7, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පිරිනැමීමට නියමිතය.

මේ සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ජනාධිපති නිතීඥ සරත් ජයමන්නේ මහතා සහභාගිවේ.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search